චීනයේ ඇපල් කර්මාන්ත ශාලා චිනයෙන් ඉවත්වීමේ අවදානමක්

මෙතෙක් චීනය තුල නිෂ්පාදනය කළ ඇපල් නිෂ්පාදන එරටින් ඉවත් කරගැනීම සම්බන්ධනයෙන් ඇපල් සමාගමේ අවධානය යොමු ඇති බවට වාර්තාවේ.
ඒ අනුව ඇපල් සමාගම විසින් සිය නිප්පාදන සිදුකරන කොන්ත්රානත්කරුවන්ට හට චීන‍යෙන් පිටත වෙනත් රටවල කර්මාන්ත ශාලා වල නිෂ්පාදන ධාරීතාව වර්ධනය කිරීමට කටයුතු කරන ලෙසට උපදෙස් දී ඇති බවට වොල් ස්ට්රී ට් ජර්නල් පුවත්පත සඳහන් කරයි.

මෙහිදී දැනටමත් ඇපල් නිෂ්පාදන සිදුකරන කර්මාන්තශාලා පිහිටි ඉන්දියාව සහ වියට්නාමය ඉදිරියේදී වැඩි වශයෙන් යොදා ගැනීමේ හැකියාවක් පවතින බවද අදාල පුවත්පත අනාවරණය කරයි.

චීන මේවන විට කොරෝනා වෛරසය පැතිරයාම වැලැක්විමට ගෙන ඇති දැඩි ක්රිියාමාර්ග හේතු‍වෙන් ඇපල් සමාගමේ නිෂ්පාදන කටයුතු ඇන හිටී ඇති අතර එමගින් සමාගමට විශාල පාඩුවක්ද අත්විදීමට සිදුව තිබේ.


ඒ අනුව ඇපල් සමාගම විසින් මෙම තීරණය ගෙන ඇති අතර මේවන විට සිය ජංගම දුරකථන නිෂ්පාදන සිදුකරණ ඉන්දීය කාර්මාන්තශාලා වලින් සිය නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇති බවට වාර්තාවේ.

ඇපල් සමාගම ලොව විශාලතම සමාගම් වලින් එකක් වන අතර එම සමාගම සිය නිෂ්පාදන ක්රිියාවලිය චිනයෙන් වෙනත් රටකට යොමු කිරීමට ගත් තීරණය වෙනත් ඇමරිකානු සමාගම්ද අනුගමනය කිරීමට ඉඩ පවතින බවද ජාත්යටන්තර ව්යා පාරික ක්ෂේත්ර යේ විශේසඥයින් පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනය රජය විසින් සංචරන සීමා පනවා තිබීම ගෝලීය සැපයුම් දාමයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර එරට පිහිටි කර්මාන්තශලා වල නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබන යුරෝපීය සමාගම් මේවන විට දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවද වාර්තා‍වේ.

Exit mobile version