චාමික එක්දින කණ්ඩායමෙන් ඉවතට… බලපෑම් පසුපස ආගමික නිකායක්!

එළඹෙන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ පැවැත්වෙන එක් දින තරග තුන සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉවත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතද සනාථ කොට තිබිණ.

මේ පිළිබඳව ලංකාසර කරන ලද සොයා බැලීමකදී අනාවරණය වූයේ මෙම තීරණය යම් කිසි ඉහළ පෙළේ ක්‍රිකට් බලධාරියකුගේ බලපෑමක් මත තේරීම් කමිටුව විසින් ගෙන ඇති බවය.

ධනුෂ්ක ගුණතිලක ඉවත් කර ඇත්තේ මේ දිනවල ඔහු මුහුණ දී සිටින තත්ත්වය අනුව වුවත් චාමික ඉවත් කොට තිබෙන්නේද කැසිනෝ ශාලාවක ඇතිවූ ගැටුමක් නිසා බව කියවේ.


එහෙත් විනයානුකූල පියවරක් ලෙස එවැන්නක් සිදු කරන්නේ නම් ක්‍රිකට් ආයතනය එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඔහු සම්බන්ධව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

එවැන්නක් තබා මේ පිළිබඳව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවට මේ දක්වා චාමිකට දැනුම් දී හෝ නොමැති බවත් තමන් එවැන්නක් ගැන කිසිවක් නොදන්නා බවත් ඉහළ පෙළේ ක්‍රිකට් බලධාරියෙක් පැවසීය.

චාමිකට එරෙහිව කණ්ඩායම තුළ හා පිටත යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකෙවන බවත් ඒ පිටුපස එක්තරා ආගමික නිකායක්ද සිටින බවත් වාර්තාවේ.

චාමික කැසිනෝ ශාලාවක් තුළ ගහගත්තේ යයි ප්‍රබන්ධයද සුළු සිද්ධියක් තත්ත්වය විකෘති කර ඇතැම් මාධ්‍ය වෙත ලබා දී ඇත්තේද කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයන් දෙපළක් විසින් බව කියවේ.

අදාල සිද්ධිය සිදු වී ඇත්තේ කැසිනෝ ශාලාවක් තුළ නොව එම ගොඩනැගිල්ලේම පසෙක ඇති භෝජන ශාලාවක බවත් එම අවස්ථාවේ ආහාර ගැනීම සඳහා ක්‍රීඩකයන් 9 දෙනෙකු සහභාගි වී ඇති බවත් ක්‍රීඩකයන්ව  බාහිර පිරිසක් විසින් වීඩියෝ ගත කිරීමක් පිළිබඳව ප්‍රශ්න කිරීමක් මිස කිසිදු ගහ ගැනීමේ සිද්ධියක් සිදුව නොමැති බවත් ලංකාසර කරන ලද විමසුමකදී අනාවරණය විය.

ශ්‍රී ලංකා පිල අවසන් වරට ක්‍රීඩා කළ එක් දින තරග 8 න් තරග දෙකකදීම චාමික තරගයේ වීරයා වී ඇති අතර ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් එක් දින තරගයේදීද ඔහු තරගයේ වීරයා බවට පත් විය.

තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ චාමික එතරම් කැපී පෙනෙන දස්කම් නොපෙන්නුවත් ඔහු වැනිම තුන් ඉරියව් වේග පන්දු යවන්නකු වන නායක දසුන් චානකගේද ලෝක කුසලාන දස්කම් චාමිකටත් වඩා අඩු මට්ටමක තිබිණ.

තේරීම් සිදු කිරීමේදී ටෙස්ට්, එක්දින හෝ විස්සයි විස්ස අංශ සඳහා තේරීමේදී අදාල අංශයේ අවසන් තරගයේ දස්කම් දැක්වූ අයකු ඊළග තරගාවලියෙන් එළියට දැමීමක් සිදු නොකෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එනිසා චාමික කරුණාරත්න මෙසේ ඇෆ්ගන් සංචාරයෙන් ඉවත් කර ඇත්නම් එයට හේතුව තේරීම් කමිටුවත් ක්‍රිකට් බලධාරිනුත් රටට පැවසිය යුතුය.

Exit mobile version