ගෝඨාභය නැවැත්වූ මාලබේ  සැහැල්ලු දුම්රිය යළි ගෙන එන්න ජනපති සූදානමින් !

Ranil_Wickremesinghe_

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අත්තනෝමතික ලෙසින් අත්හැර දමන ලද මාලබේ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු ජපාන ණය ආධාර මත ක්‍රියාත්මත වීමට නියමිතව තිබු ව්‍යාපෘති 16ක් යළිත් ආරම්භ කිරීම පිළිබඳව ජපාන රජය සමග සාකච්ඡා කිරීමට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ   සූදානම්  වන බව ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

මෙම ව්‍යාපෘති පිළිබඳව ජනාධිපතිවරයාගේ එලඹෙන ජපාන සංචාරයේදී ජපාන අගමැතිවරයා පුමුඛ රජයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව එම වාර්තාවේ සඳහන් වේ.

වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍යය උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (25) රාත්‍රියේ ජපානය බලා පිටත්ව යෑමට  නියමිත අතර එහිදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත  බව සඳහන් වේ.

මෙම ව්‍යාපෘති අතර කොළඹ වරායේ බටහිර පර්යන්ත සංවර්ධනයත් ස්වාභාවික වායු විදුලි බලාගාරයක් ඇතුළු තවත් ව්‍යාපෘති 16ක් ඇතුළත් බව සඳහන් වේ.


උක්ත ව්‍යාපෘති සියයට 1ක පොලී අනුපාත යටතේ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතානයතනය (ජයිකා  ආයතනය ) මගින් ලබා දීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2ක ණය මුදලින් ඉදිකිරීමට යෝජනා වී තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ ප්‍රවාහන අර්බුදයට සාර්ථක විසඳුමක් ලෙසට විද්වතුන් විසින් පිළිගන්නා ලද ව්‍යාපෘතිය ගෝඨාභය රාජපක්ෂ රජය කිසිදු හේතුවක් නොදන්වා අවලංගු කිරීමට කටයුතු කිරීම ජපානය සහ ශ්‍රි ලංකාව අතර  රාජ්‍ය තාන්ත්‍රික  සබඳතා පළුදු කරවීමටද හේතුවක් විය.

Exit mobile version