ගෝඨාගේ කාබනික වික්‍රමයේ තවත් ප්‍රතිඵලයක් මහ බැංකුව කියයි…

 රසායනික පොහොර කෘෂි රාසයන තහනම නිසා රටේ තේ නිශ්පාදනය ඉකුත් වසරේත්  16%කින් බසී.

ලලිත් චාමින්ද –  

රසායනික පොහොර හා  කෘෂිරසායනවල පැවති  උග්‍ර හිගය හේතුවෙන් 2022 වර්ෂයේ දි මෙරට තේ නිෂ්පාදනය  සියයට 16.0කින්  කැපි පෙනෙන ලෙස  පහළ ගොස් ඇති බැව් ශ්‍රිලංකා මහැබැංකුව පවසයි.

මෙරට සමස්ත තේ නිෂ්පාදනය සදහා  පිළිවෙළින්  සියයට 22කින්, සියයට 16කින් හා සියයට 62කින් පමණ දායක වු  උඩරට, මැදරට,ප හතරට  තේ නිෂ්පාදනය 2022 වර්ෂයේ දි  පිළිවෙළින් සියයට 13.8කින්, 21.2කින්, සහ සියයට 15.4කින්  පහළගොස් තිබු බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. 

එමෙන්ම  කුඩා තේ වතු හිමියන්ගේ තේ  දළු නිෂ්පාදනය ද සියයට 15.6කින්  පහළ ගොස් තිබුණි.  කුඩා තේ වතුහිමියන්ගේ  තේ අස්වැන්නේ සාමාන්‍ය පලදාව (2021) වර්ෂයේ දි   හෙක්ටයාරයකට  කිලෝග්‍රැම් 1414ක් වාර්තා වි තිබුනද 2022 වර්ෂයේ දි  තේ පලදාව හෙක්ටයාරයකට  කිලෝග්‍රැම්  1,193 දක්වා  අඩුවි තිබු බවද මහ බැංකු වාර්තාවේ සදහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රසායනික පොහොර  සහ කෘෂි රසායන, හා යුරියා මත පදනම් වු පොහොර සහ වල්නාශක  ලබාගැනිමට නොහැකිවිම නිසා තේ පලදාව කැපිපෙනෙන ලෙස පහලයාමට හේතුවි තිබුණි.


Exit mobile version