ගොයම් පැල සිටුවන යන්ත්‍රයක් ඉවතලන ද්‍රව්‍යවලින් හැදූ දිඹුලාගල අපූරු ගොවි මහත්තයා…

මනම්පිටිය නිමල් ජයරත්න  – 

ඉවත දමන යකඩ වලින් සහ පාපැදියක කොටස්  කීපයක්  උපයෝගී කරගනිමින් ඉතා සුළු මුදලකට කිසිදු ඉන්ධන වර්ගයක් නොයොදා    ගොයම් පැළ සිටුවීමේ  යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට  පොලොන්නරුව දිඹුලාගල පහළ ඇල්ලේවැව ගොවි මහතකු සමත් වී ඇත .

ඔහු නමින් ඊ. එම්. නුවන් එදිරිමුණි වේ.

38 වියැති දෙදරු පියකු වන  එදිරිමුණි  ගොවි මහතා මේ වෙනවිට ඔහුගේ මිත්‍රයෙකු ද සමඟ එවැනි පැළ ගොයම් හිටවන  යන්ත්‍ර හතරක් නිපදවා ඇති අතර   ඔහු තම කුඹුරේ එම යන්ත්‍රය මගින්  පැළ ගොයම් සිටුවමින් සිටී.


මිනිස් ශ්‍රමයෙන් ක්‍රියාකරන එම යන්ත්‍රය මගින් දිනකට අක්කර දෙකහමාරක  පැළ ගොයම් සිටුවීමට හැකියාව පවතින අතර ඒ   සඳහා වැයවන්නේ  මිනිස් දින එකක් පමණි.

තමන් මෙම  ගොයම්  පැළ සිටුවීමේ යන්ත්‍රය, ගම්මානයේ  ඩී. එම්. ස්ටීවන් මහතාගේ යෝජනාවකට අනුව නිපද වූ බවත්, එක යන්ත්‍රයක් නිර්මාණය කර එය සාර්ථකව අත්හදා බැලීමෙන් අනතුරුව, ස්ටීවන් මහතාගේ පුතෙකු වන   චමින්ද කුමාර   සමග තවත් එවැනි ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍ර තුනක් නිර්මාණයය කළ බවත් නුවන් එදිරිමුනි ගොවි මහතා අප සමග සඳහන් කළේය.

මේ පිළිබඳ අප සමඟ අදහස් දැක්වූ ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍රය  නිර්මාණය කළ ශිල්පී  නුවන් එදිරිමුනි මෙසේ කීවේය.

;; මම මේ යන්ත්‍රය නිර්මාණය කරන්න  පාවිච්චි කළේ යකඩ බට කිහිපයක් සහ   යකඩ ප්ලේට්   කිහිපයක්   විතරයි. ඊට අමතරව පාපැදියක ප්‍රීවීල් එකයි, බයිසිකල් චේන් එකේ කොටසකුයි යොදාගත්තා. දවස් පහකින් හැදුවා.  ඊට පස්සේ මගේ  කුඹුරේ පැළ   ගොයම් ටික ගලවල ඒ යන්ත්‍රයෙන් හිටවා ගත්තා.  දවසෙන් අක්කර දෙකහමාරකම, ගොයම් පැළ හිටවා ගන්න පුළුවන් වුණා.

“මේකේ විශේෂත්වය තමයි ඉන්ධන මොනවත් යන්නෙ නෑ. ඕනම කෙනෙකුට  යන්ත්‍රය පරිහරණය කරන්න පුළුවන්. අනතුරක් නෑ. අනික තමයි වල් මර්ධනය කරන්න බෙහෙත් ගහන්න ඕනෑ නෑ.“

“ඉතින් පොඩි  මුදලකින් වාසි ගොඩක් ගොවියාට ගන්න  හැකියාව මේ යන්ත්‍රය මගින් තිබෙනවා. මගේ යාලුවා එක්ක තවත් යන්ත්‍ර තුනක් හදලා   ඇල්ලේවැව  යායේ කුඹුරු ගොඩක මේ ක්‍රමේට පැළ ගොයම හිටවා ගත්තා.“

“ඉතින් මම කැමැතියි මේ යන්ත්‍ර හදලා අපේ ගොවියන්ට බෙදලා දෙන්න. ඒකට රජයෙන් උදවු කළොත් මම ඕනෑ වෙලාවක සූදානම් මේ වගේ යන්ත්‍ර නිර්මාණය  කරල මටත් පොඩි ලාභයක් තියාගෙන රට පුරා බෙදා හරින්න.“

“දැනටත් මේ පළාතේ ගොවියන්ගෙන් ලොකු ඉල්ලුමක් මේ ගොයම්  හිටවන යන්ත්‍රයට තිබෙනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ද නුවන් එදිරිමුණි ගොවි මහතා අප සමඟ ඉතාමත් සතුටින් සඳහන් කළේය.

Exit mobile version