ගුරුවරයා දස හැවිරිදි සිසුවාගේ කට මිරිකා අතට පෑනෙන් ඇනලා

සිසුවා රෝහලේ - ගුරුවරයා කූඩුවෙ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උපකාරක පන්තියක් තුළ අවුරුදු දහයක සිසුවෙකුගේ කට මිරිකා කකුල පාගා පෑනෙන් ඇන තුවාල සිදු කළ බව කියන උපකාරක පංති ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව රොටුඹ පොලිසිය කියයි .
සිසුවා සහ සිසුවාගේ මව කළ පැමිණිල්ලකට අනුව මෙසේ  අත්අඩංගුවට ගෙන ඇත්තේ  (31) හැවිරිදි  මුලටියන ,මාතර  ප්‍රදේශයේ පදිංචි ගුරුවරයෙකු බව පොලීසිය කියයි .
හය වසර ඉගැන්වීම් කරන අතරතුර තවත් සිසුවකු සමග කතා කිරීම හේතුවෙන් එයට උරණ වූ  බව කියන එම උපකාරක පංති ගුරුවරයා එම සිසුවා ගේ  කට මිරිකා පෑනෙන් ඇනීම හේතුවෙන් එම සිසුවා තුවාල ලබා  ප්‍රතිකාර සඳහා ඌරුබොක්ක හීගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර  ප්‍රතිකාර සඳහා සිසුවා මාතර මහ රෝහලට මාරු කර යැවූ බව රොටුඹ පොලිසිය පවසයි .
මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ (10) හැවිරිදි ඔමාෂ දිනේන්ද්‍ර  හේවාපතිරණ නැමැති රොටුඹ විජයබා  මහා විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු බව පොලීසිය කියයි .
රොටුඹ ප්‍රදේශයේ  උපකාරක පංතියේ දී  මෙම සිදුවීම සිදුවී ඇති අතර  උපකාරක පන්තිය නිමවී නිවසට ගොස් රාත්‍රී ආහාරය නොගෙන නින්දට යාමේදී  සිසුවාගේ මව  ඒ සම්බන්ධයෙන් විමසීමේදී  අදාළ සිසුවා මුහුණ දුන්  සිදුවීම හඬ හඩා මවට පවසා ඇත.
ඉන්පසු මව  සිසුවා සමග ගොස් රොටුඹ  පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව  ප්‍රතිකාර සඳහා   ඌරුබොක්ක ,හීගොඩ රජයේ රෝහලට ඇතුළත් වූ බව සිසුවාගේ පියා වූ (49) හැවිරිදි හේවාපතිරණගේ  සිසිර කුමාර ගුණසේකර පැවසීය .
මේ සම්බන්ධයෙන් සිසුවාගේ මව අදාළ ගුරුවරයා ගෙන්    හේතුව විමසීමේ දී ඔහු පවසා ඇත්තේ තමන් මෙම ක්‍රියාව සිතාමතා නොකළ බවත් ඒ සඳහා සමාව අයදින බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් රොටුඹ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාරගේ උපදෙස් පරිදි වැඩි දුර පරීක්ෂණ පැවැත්වේ .

Exit mobile version