ගෑස් ලොරියෙන් සිලින්ඩර් බලෙන් අරන් ගිය තිදෙනෙක් අත්අඩංගුවට

කොළඹ 07, මල් පාරේදී එල්පී ගෑස් සිලින්ඩර් සහිත ලොරි රථයකින් ගෑස් සිලින්ඩර තුනක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා (29) ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු හිස් සිලින්ඩර දෙකක් ආපසු දී ගෑස් සිලින්ඩර් රැගෙන යමින් තිබූ ලොරි රථයකින් නව ගෑස් සිලින්ඩර තුනක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කිරීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිදුවීම වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ගෑස් පුුපුරන, ගෑස් හිඟයක් පවතින දෛනික ඉවුම් පිහුම් පවා කරගත නොහැකිව ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටින අවධියකදී ය.

Exit mobile version