ගැබ්බර මුව දෙනක් මසට මැරූ මස් වැද්දෙක් අත්අඩංගුවට…

ඇහැටුවැව පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව වෙඩි තබා මරන ලද ගැබ්බර මුව දෙනක් සමග බෝර 12 තුවක්කුවක් අත්අඩංගුවට ගත් බව ඇහැටුවැව පොලිසිය පවසයි.

ඇහැටුවැව බෝගස්වැව ඔය රක්ෂිතයේ දී වෙඩි තබා මරන ලද මුවදෙන සමග බලපත්‍ර රහිත මෙම තුවක්කුව අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු ගල්ගමුව ගනේ දිවුල්වැව පදිංචිකරුවෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇහැටුවැව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේරත් මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

Exit mobile version