ගාලුමුවදොර අරගලකරුවෝ විපක්ෂ නායක හමුවෙති…

ගාලුමුවදොර මහජන අරගලය නියෝජනය කරන කණ්ඩායම් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් අද(18) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විනි.

අරගලයේ පුරවැසි කණ්ඩායම් විසින් ඔවුන්ගේ ස්ථාවරය විපක්ෂ නායකවරයා වෙත දැන්වීම සඳහා මෙම හමුව සංවිධානය විය.

මෙම සතිය තුළ මෙරට අනුප්‍රාප්තික ජනාධිපති වරයා පත් කර ගැනීමේ කටයුත්ත සිදු වන අතර අරගලයේ පුරවැසි කණ්ඩායම් විසින් ඔවුන්ගේ ස්ථාවරය විපක්ෂ නායක වරයා වෙත දන්වා සිටි බවත්,  එහිදී තමන් හෝ තම පක්ෂය හෝ තම සන්ධානය හෝ කිසිම අවස්ථාවක අරගලයේ ඉල්ලීම් පාවා නොදුන් බව විපක්ෂ නායකවරයා දැන්වූ බවත් විපක්ෂ නායකවරයා සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.    ඉදිරියටත් අරගලය පාවා නොදෙන බව ද ඔහු දන්වා තිබේ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අරගලය නියෝජනය කරන පිරිස් සඳහන් කළේ, කුමන ආණ්ඩුවක් පත් වුවද අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවිය යුතු බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ අරගලයේ නියෝජිත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවූයේය.


 

 

Exit mobile version