ගාල්ල ශ්‍රී.ල.නි.ප ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 12කට විනය පරීක්ෂණ

ලලිත් චාමින්ද

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රි.ල.නි.පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු 12 නෙකුට එරෙහිව විනය විරෝධී කටයුතු කිරීම සම්බන්දයෙන් පක්ෂයේ මහලේකම් විසින් චෝදනා පත්‍ර ලබා දී ඇති බැව් ශ්‍රි.ල.නි.ප යේ ගාල්ල දිස්ත්‍රික් නායක හා ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ශාන් විජේලාල් ද සිල්වා පවසයි.

පසුගිය මහ මැතිවරණයේ දි පක්ෂයේ තිරණවලට පටහැනිව විනය විරෝධී ලෙස කටයුතු කිරීම හා සංවිධායකවරුන් සමග සහයෝගයෙන් කටයුතු නොකිරිම සම්බන්දව මේ අයට විරුද්ධව චෝදනා එල්ලවි ඇති බවද ඔහු කියයි. දින 07ක් තුළ නිදහසට කරුණු ඉදිරිපත් කරණ ලෙස මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ට හා වරියන්ට පක්ෂයේ මහ ලේකම් විසින් දැනුම් දි ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ගාල්ල මහනගර සභාවේ මන්ත්‍රිවරියකට, නෙළුව ප්‍රදේශිය සභාවේ මන්ත්‍රිවරුන් 02නෙකුට, ඉමදුව හා හබරාදුව යන ප්‍රදේශිය සභාවල මන්ත්‍රිවරුන් 04 දෙනෙකුට, නියාගම ප්‍රදේශිය සභාවේ මන්ත්‍රිවරයෙකුට, කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරු 02නෙකුට හා වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයෙකුට හා රත්ගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයකුට මෙසේ චෝදනාපත්‍ර ලබාදි ඇත.

Exit mobile version