ගාල්ල තණතිල්ලේ හැසිරීම වෙනස් ද?

වසර 24කට පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු 10ම  වේග පන්දු යවන්නන්ට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුනවන දිනය ආරම්භ වන්නේ ගාල්ලේ මෙතෙක් පැවති තරග ඉතිහාසයේ රිද්මය වෙනස් කරමිනි.  ගාල්ල තණතිල්ල වෙනස්ම හැසිරීමක් පෙන්නුම් කරමින් ඇත.

ලකුණු 381කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පිළිතුර දෙමින් කඩුලු 2ක් දැවී ලකුණු 98ක් සහිතව එංගලන්ත කණ්ඩායම උදෑසන ඉනිම අරඹන්නට නියමිතය.

ගාල්ල දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසියකි. එහෙත් ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 10ම ලබා ගන්නේ එංගලන්ත වේග පන්දු යවන්නන්ය. මෙවැනි පන්දු යැවීමක් මින් පෙර මෙරට දී වාර්තා වන්නේ   වසර 26 කට පෙරය. ඒ 1994 වසරේදීය. අපට යහපත් නොවන තරග ඉතිහාසයක් සහිත මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයේ පකිස්තානය හා  පැවති මෙම තරගයේ දී පකිස්තානු වේග පන්දු යවන්නන් දෙපළ වන වසීම් අක්‍රම් සහ වකාර් යුනිස් ලංකා කණ්ඩායමේ  කඩුළු 10ම දවා ගත්හ.


එහෙත් එංගලන්තම මේ දස්කම කරන්නේ ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ක්‍රීඩාංගනයක් ලෙස සැලකෙන, මින් පෙර දඟ පන්දු යවන්නන් තරග දිනවූ ගාල්ල ක්‍රීඩාංගනයේ දීය.

මෙහි දී ජේම්ස් ඇන්ඩර්සන් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. ඔහු කඩුලු 6ක් ලබා ගත්තේය. ඒ ලකුණු 40කට ය.  38 හැවිරිදි ජේම්ස් ඇන්ඩර්සන් වාර්තා පොතට එක් විය. ඒ ආසියාවේ දී කඩුළු 05ක් ලබා ගත් වයස්ගතම වේග පන්දු යවන්නා ලෙසය.

කෙසේ වෙතත් එංගලන්තයේ දවා ගත් කඩුළු දෙකම දවා ගන්නේ ලසිත් ඇඹුල්දෙණිය විසිනි. ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ සාක් ක්‍රෙවුලි සහ ඩොම් සිබ්ලෙ ලකුණු 05ක් තුළ ක්‍රීඩා ගාරයට හරවා යවන්නට අඹුල්දෙණිය සමත් වුණේය. එහෙත් පළමු ටෙස්ට් තරගයේ ද්විත්ව ශතකයක් වාර්තා කළ ජෝරූට්ස් ලකුණු 67ක් සහිතව ද ජොනී බ්‍රිස්ටොව් ලකුණු 27ක් සහිතව ද ඉනිම ගොඩනගිමින් සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 110 ක්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 92 ක්, ඩිල්රුවන් පෙරේරා ලකුණු 67 ක් සහ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 52 ක් රැස් කළහ.

Exit mobile version