ගම්බාර දෙවියන් වැඩ සිටින සුප්‍රසිද්ධ ගලේ දේවාලය කොවිඩ් නිසා වැසෙයි…

Gale dewalaya

කීර්ති ප්‍රනාන්දු – 

හාස්කම් පිරුණු බවට ජන විශ්වාසයක් ඇති රටේ ප්‍රකට මිනුවන්ගොඩ ගලේ දේවාලය  කොවිඩ් තත්වය මත දින 21 වසා දැමීමට සෞඛ්‍ය අංශ අද තීරණය කළේය.

ගම්භාර දෙවියන්ට කැප කළ, කපුවන්  නැති මෙම දේවාල භූමියට බැතිමත්හුම පැමිණ පූජා විධි පවත්වා යපහත ප්‍රාර්ථනා කරති.

දේවාලය ප්‍රවේශ මාර්ගය දෙපස ඇති පූජා භාණ්ඩ අලෙවි කරනු ලබන කඩවල කොවිඩ් ආසාදිතයන් විශාල පිරිසක් වාර්තා වීමත් සහ රථ වාහන නවත්වා තබන අවට නිවෙස්වල පවුල් 8ක සාමාජිකයන් සියලු දෙනා කොවිඩ් ආසාදිතයන් බවට පත් වීමත් නිසා සෞඛ්‍ය අංශ දේවාලය වසා දැමීමට තීන්දු කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෙළඳසල්වලට කොවිඩ්. පවුල්වල සියලුම සාමාජිකයන් පවුල් 09ක්. ගලේ දේවාලය දින 21ක කාලයක් තීරණ අරන්.

 

Exit mobile version