ගම්පහ මහාධිකරණ විනිසුරුගේ පී.සී.ආර් වාර්තාව නිකුත්වේ…දෙවන පරීක්ෂණය දින 10න්..

 

ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරුවරයාගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව නිකුත් වී ඇති බවත් ඔහු කොවිඩ් ආසාදිතයෙක් නොවන බවත් ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර ලංකාසරට පැවසීය.

විනිසුරුවරයා සමග නිරෝධායනයට ලක් කළ අනෙක් කාර්ය මණ්ඩලයේ පී.සී.ආර් වාර්තා තවමත් ලැබී නැති අතර ඔවුහු දිගටම නිරෝධානයේ පසුවෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් දින 14ක නිරෝධායන කාලයකට විනිසුරු වරයා ලක් කර ඇති බවත් දින 10කින් නැවත් පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.


Exit mobile version