ගම්පහ පොලිස් කොට්ඨාසයට හා ජා-ඇල, කඳාන පොලිස් බල ප්‍රදේශවලට ඇඳරි නීතිය

carfiwe

ගම්පහ පොලිස් කොට්ඨාසයට  සහ මිගමුව පොලිස් කොට්ඨාසයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශයන්ටත් නැවත දැනුම් දෙන තුරු නිරෝධායන  ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් මෙම ප්‍රදේශ වලින් වාර්තා වීම සහ ඔවුන්ව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යන තෙක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යන තෙක් මෙලෙස ඇඳිරි නිතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

ආසාදිත පුද්ගලයින්ව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සඳහා හමුදා සාමාජිකයන් ගෙන් ගෙට ගොස් මෙහෙයුමක් දියත් කර ඇතැයි පැවසුවේය


මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (06) සවස නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ කොවිඩ් ආසාදිත  රෝගීන් බවට තහවුරු වූ පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සඳහා ඔවුන්ගේ නිවෙස් වෙත ගිලන් රථ සේවා ලබා දී ඇතත් සමහර පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑම ප්‍රතික්ෂේප කරන අයුරු වාර්තා වී ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



ජාතික සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සලකා සෞඛ්‍ය අමාත්‍යාංශය දියත් කර ඇති ක්‍රියාවලියට අනුකූලව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුවන ලෙසත්,  ප්‍රතිකාර සේවා වෙත යොමු නොවී මඟහැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් බැවින් එසේ සිදුකරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයි දන්වා සිටී.

 

Exit mobile version