කෝප් සභාපති විපක්ෂයෙන්ම විය යුතු නෑ

Mahinda Yapa Abeywardena

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා විපක්ෂයෙන්ම පත් විය යුතු බවට නියමක් නැති බවට කතා නායක මහින්ද යාපා අබයවර්ධන පැවසිය. කෝප් කමිටුවේ සාමාජිකයන් සියලු දෙනා එක්ව එහි සභාපතිවරයා පත් කරගැනිම සිදු කළ යුතු බවත් ඔහු ආණ්ඩු පක්ෂයේ ද විපක්ෂයේ ද යන්න වැදගත් නොවන බව හෙතෙම පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රුහුණු විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකින් පසු මේ බව සඳහන් කළ මහින්ද යාපා අබේවර්ධන කතා නායකවරයා කෝප් කමිටුවේ සභාපතිවරයා කුමණ පැත්තකින් පත් වුවත් තමන්ට එය අදාල නැති බව සඳහන් කළේය.

Exit mobile version