කෝටි 04ක විදේශ විනිමය රටින් පන්නන්න හැදූ විදේශිකයා කොටු… මුදල් රාජසන්තක කෙරෙයි!

කීර්ති ප්‍රනාන්දු –

රුපියල් කෝටි හතරකට අධික වටිනාකමකින් යුතු විදේශ මුදල් තොගයක් සිය ගමන් මල්ලේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයෙක් වුව අද (5) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ රේගු ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා ළඟ තිබූ රුපියල් හාර කෝටි අට ලක්ෂ හතළිස් දහස් අටසිය අසූ හතරයි සත 30ක වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් සඟවාගෙන තිබූ බවත් ඔහු 45 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙකු බවද රේගුව කියයි .

ඔහු අද( 5 ) අලුයම ඉන්ඩිගෝ ගුවන් සේවයේ ඊ 1208 දරණ ගුවන් යානයෙන් චෙන්නායි බලා යාමට සූදානමින් සිට ඇති අතර සැකකරු කිහිප වාරයක්ම ගුවන්තොටුපල සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ වැසිකිළියට යාම ඒම නිසා ආරක්ෂක අංශයේ නිලධාරීන් මෙම පුද්ගලයා ගැන සැක සිතා ඔහු සහ ඔහුගේ ගමන් බෑගය පරීක්ෂාවට ලක් කිරීමේදී එම බෑගය තුළ සුක්ෂම ලෙස සඟවා තිබී මෙම මුදල් තොගය සොයා ගෙන තිබිණ .

එහිදී සැකකාර ඉන්දියානු ජාතිකයා ගේ ගමන් බෑගයේ පරීක්ෂා කර බැලීමේදී ඒ තුළ සඟවා තිබූ කැනේඩියානු ඩොලර් 117,000ක් සහ යුරෝ 19,000 ක්මුදලක් සොයා ගන්නට රේගු නිලධාරීන්ට හැකි වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුරුව අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා විසින් නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කළ විදේශ මුදල් තොගය රාජසන්තක කර ඔහුට රුපියල් 10,000 ක දඩ මුදලක් ගෙවන ලෙසට රේගුව විසින් නියම කර ඇත .

Exit mobile version