කොළඹ කොවිඩ් මඬින්න විශ්‍රාමික PHIලා සහ වෛද්‍ය සිසුන් කැඳවීමේ සූදානමක්

කොළඹ නගර සීමාවේ කොවිඩ්-19 පාලනය කිරීම සඳහා විශ්‍රාමික පීඑච්අයිවරුන් නැවත සේවයට කැඳවීමට නගර සභාව තුළ යෝජනාවක් සම්මත වූ බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ වෛද්‍ය සිසුන් ද පැමිණ කොවිඩ් පැතිරීම පාලනය කිරීමට උපකාර කරගැනීම ගැනද අවධානය යොමුව ඇති බවයි.

කොළඹ නගරයේ නව COVID-19 පොකුරු හමුවන වන බව පවසමින් නගරාධිපති රෝසි සේනානායක ඊයේ පැතිරීම පාලනය කිරීම සඳහා අවම වශයෙන් සති දෙකක්වත් නගරය වසා තබන ලෙස ඉල්ලා සිටියේය.


“අපේ නගරය අනතුරේ. එම නිසා, පැතිරීම පාලනය කිරීම සඳහා සති දෙකක පමණ කාලයක් නගරය වසා තබන ලෙස මම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ නගර සීමාව තුළ අහඹු ලෙස PCR පරීක්ෂාවට ලක්වූවන්ගෙන් 5%ක් ධනාත්මක බව පෙනී යන බව සේනානායක මහත්මිය පෙන්වා දෙයි.

“මේ වන විට කොළඹ නගරයේ රෝගීන් 4,339 ක් වාර්තා වී තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ සේවකයින් 200 ක් වෛරසය ඇතැයි තහවුරු කර තිබෙනවා. අපි අපේ උපරිමය කරනවා. නගරවාසීන් අතර PCR පරීක්ෂණ 25,237 ක් සිදු කර තිබෙනවා. කොළඹ මහ නගර සභාව මේ වන විට වෛද්‍යවරුන් 25 දෙනෙකු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 45 දෙනෙකු සමඟ කටයුතු කරමින් ඉන්නේ. හුදෙකලා ප්‍රදේශවල වෙසෙන අයට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමෙන් අපට උදව් කරන ලෙස මම ආයතනවලින් ඉල්ලා සිටිනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහජනතාවටද කාර්යභාරයක් පැවරී ඇති අතර ගෘහස්ථව රැඳී සිටිය යුතුය, මුඛ ආවරණ පැළඳිය යුතුය. සාමාන්‍ය ජනතාවගේ සහය නොමැතිව රෝගය පැතිරීම පාලනය කිරීම දුෂ්කරයි”

Exit mobile version