කොළඹ කැළඹූ කොවිඩ් ආසාදිතයා යළි කන්දකාඩුවට…

IDH රෝහලෙන් ඊයේ ( 24) අළුයම පළා ගිය කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගියා යළි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙතට මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නිසා තවමත් පුනරුත්ථාපන මට්ටමේ පසුවන මෙම රෝගියා ගේ කොරෝනා වෛරස් තත්ත්වය එතරම් බරපතළ මට්ටමේ නොවන බවට සෞඛ්‍ය අංශ නිගමනය කිරීමෙන් අනතුරුව   යළි කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි රෝහල වෙත මාරුකර යැවීමට තීරණය කොට ඇති බව හමුදාපතිවරයා පැහැදිලි කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පුද්ගලයා IDH රෝහලේ සිට කොළඹ කොටුව දක්වා පාගමනින් ගොස්  කොළඹ කොටුව, කෙලින් විදියේ සිට ත්‍රිරෝද රථයකින් කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති අතර එම ත්‍රී රෝද රථ රියදුරා මේ වනවිට නිරෝධායන කර තිබේ. මෙම   රෝගියා ගෙන් සමාජයට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් නොමැති බව බුද්ධි වාර්තා තහවුරු කරන බව හමුදාපතිවරයා පවසයි.


 

Exit mobile version