කොවිඩ් වසංගතය වෙනුවෙන් මේ වසරේ රු. බිලියන 170ක් වෙන්වෙයි

ajith nivad cabraal

කොවිඩ් වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් 2020 වසරේදී රු බිලියන 96 කට ආසන්න මුදලක් වියදම්කොට ඇති අතර 2021 වසරේදී මෙම කටයුත්ත සඳහා රුපියල් බිලියන 170ක් වෙන් කොට ඇති බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

2021 වසර තුළ මෙම මුදලින් රු. බිලියන 41.9ක් වැය කර ඇති අතර තවත් රු. බිලියන 138 සෘජුවම වෙන් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මෙසේ ද අදහස් දැක්විය.


‘’අපි කොපමණ මුදලක් මේ කොවිඩ් තත්වය කළමනාකරණය කරන්න වැය කරාද කියලා කියන්න රජයක් හැටියට අපිට යුතුකමක් තියෙනවා. 2020 මැයි අප්‍රේල් මාස වල අපි රු. 5000 දුන්නා. අපි සෘජුවම වැය කොට ඇති මුදල රු. මිලියන 56, 593ක්.

නිරෝධායන කටයුතු, සෞඛ්‍ය යටිතල පහසුකම්, ඖෂධ සහ සැපයුම් සේවා වෙනුවෙන් රු. මිලියන 29, 045ක්. ඔක්තෝබර් නොවැම්බර් COVID නැවත ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක් වූ ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, මඩකලපුව සහ රත්නපුර දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික්ක ලේකම් මගින් ලබා දුන් සහන ප්‍රමාණයට රු. මිලියන 7073යි.

නිවාස වල නිරෝධායන කරපු පවුල් සදහා රු. 10,000 බදු මල්ලක් ලබා දීමෙන් මිලියන. 2846යි. COVID හේතුවෙන් අඩුවූ රාජ්‍ය ආයතන වලට සහය ලබා දීමට මිලියන 311යි. දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සලසන ලද පහසුකම් සදහා මිලියන 102යි. ගොවි නිෂ්පාදන මිලදී ගැනීම සදහා මිලියන 88යි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‘’ණය ගෙවීම් ප්‍රමාද කරලා තියෙනවා ඒ පහසු කම සලසලා තියෙනවා. වෙන කිසම රජයක් මේ පහසුකම දීලා නෑ. ඒ ඔක්කොම කරලත රටේ මුල්‍ය ස්තායිභාවය රැක ගෙන තියෙනවා. අපි සෞභාග්‍ය ලෝන් එකක් ලබා දුන්නා. එක 53,252 කට ලබා දීලා තියෙනවා 4% . එකට කොටි 16,560 වෙන් කරලා තියෙනවා. මේ කරන දේවල් රට දැන ගන්නට අවශ්‍යයි’’.

Exit mobile version