කොවිඩ් මරණය මැද පෙරහර හැඩකළ ශිල්පීන්ට මෙවරත් ඇගයීම් නෑ…

කොවිඩ් වසංගතයේ අවදානම දරා ගනිමින්  පෙරහරට එක්වන කලාවම ජීවන වෘත්තිය කරගත් පෙරහර ශිල්පීන්ට ලැබෙන ප්‍රධානම  ජීවන ප්‍රතිලාභය වන ඔවුන් ඇගයීමට ලක් කරමින්  කෙරෙන ජනාධිපති සම්මාන ප්‍රදානය  ගිය වසරේ මෙන්ම මේ වසරේත් සිදු නොවන බව පෙරහර ශිල්පීහු කලකිරීම් සහිතව ලංකාසරට හෙළි කළහ.

පෙරහර කලා ශිල්පියෙක් ලෙස තමන්ගේ අනන්‍යතාවය හා ජීවන වෘත්තියේ තිරසාර බව මේ ඇගයීම් සහතිකයෙන් සනාථ වූ බව කියන එම ශිල්පීන් පවසන්නේ  රටේ නායක කාරකාන්දීන්ගේ  සියලු වස් දොස්  සමහන් කරනු පිනිස අවදානමත් දරාගෙන  පෙරහර කටයුතු සඳහා සහභාගීවන් තමන්ට  එම ඇගයීමත් නොමැති වුණු මුල්ම අවස්ථා  මෙසේ වාර්තාවන බවය.

පසගිය වසරේ මෙන්ම මේ වසරේ දීත් පෙරහර ශිල්පීන් ඇගයීම සඳහා තෝරා ගැනීම් කරන පෙරහර ඇගයීම් භාර කමිටුව පත් කර තිබුණේ නැත.


වර්ෂ 1983 දී එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන  විසින් කරන ලද යෝජනාවකට අනුව ඇසළ පෙරහර මංගල්‍යය කලා ශිල්පීන්ට  ජනාධිපති සම්මාන ලබා දී ඇගයීමට ලක් කිරීම ආරම්භ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ ඇගයීම යටතේ ගැටබෙර දවුල් තම්මැට්ටම්, යක්බෙර, හොරණෑ, ශිල්පීන් වෙන් වෙන්වත් ජූජා හේවිසි පදය දක්ෂ ලෙස වාදනය කරන කණ්ඩායම් වෙන් වෙනන් වශයෙනුත් වෙස් නැටුම් කණ්ඩායම් හා ඒක පුද්ගල වශයෙනුත් ඇතුළුව සමස්ථ නර්තන කණ්ඩායම් ද  වයෝවෘධ නර්තන ශිල්පීන් ද වාද්‍ය ශිල්පීන් ද ඇතුළුවන පරිදි සමස්ථ පෙරහර  කලාංගයන්ම ඇගයීමට  ලක් කර සම්මාන ප්‍රදානය කෙරිනි.

Exit mobile version