කොවිඩ් පාලනය කරන්න බැරිවුනේ පසුගිය ආණ්ඩුවේ ඇමතිවරයෙක් හා සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍යාංයේ පිරිසක් නිසා… GMOA

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ්  වසංගතය පාලනය කිරීමට නොහැකි වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ පිරිසක් පසුගිය රජයේ ඇමතිවරයෙකු සමග එක්වී කොවිඩ් මර්දන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටින නිසා  යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක  වෛදය ප්‍රසාද් කොළඹගේ පවසයි.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ එක් අංශයක් නිවැරදි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් ඉදිරියේදී නිවැරදි විය යුතු බොහෝ තැන් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින බැවින් ඒවාද නිවැරදි විය යුතු බව ඔහු පෙන්වාදේ

එවැනි ස්ථාන නිවැරදි කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙක් සහ ඇමතිනියන් දෙදෙනෙක් සිටින බවත් ඔවුන් ක්‍රියාත්මක වී මෙම වැරදි නිවැරදි කරන්නේ නම් කොවිඩ් රෝගය පාලනය කිරිම අපහසු නොවනු ඇතැයිද වෛද්‍ය කොළඹගේ මහතා සදහන් කරයි.

 

 

Exit mobile version