කොවිඩ් නීති කැඩූ  පූජාපිටිය උපන්දින සාදයක් වටලන්න ගිය පොලිසියේ 03කට පහර දෙයි!  

උප පොලිස් පරීක්ෂකවරයෙක් රෝහලේ...

කොවිඩ් නිරෝධායන නීති උල්ලංගනය කරමින් පැවැත්වූ උපන් දින සාදයක් වැටලීමට ගිය පූජාපිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරින් තිදෙනෙකු  ට බීමතින් සිටි පිරිස ක් පහර දී තිබේ.

ඊයේ (22) රාත්‍රියේ සිදුව ඇති මෙම සිද්ධිය නිසා පහර කෑමට ලක් වූ  උප පොලිස් පරීක්ෂක වරයා තුවාල ලබා ඇති අතර  ඔහු ප්‍රතිකාර සඳහා  පූජාපිටිය මැදවල රෝහලට ඇතුළත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු මේ  වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන අතර පහරදීමට සැකපිට ඕවිස්ස උතුර, පූජාපිටිය ප්‍රදේශයේ පදිංචි එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.


Exit mobile version