කොවිඩ් නිසා නැවතුණු උඩරට මාර්ගයේ දුම්රිය යළි ගමන් අරඹයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් අවදානමත් සමඟ මාස තුනක කාලයක් ධාවනය නොකළ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් අද (18) සිට යළි ආරම්භ කළ බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආනන්ද කරුණාරත්න
මෙම මස 25 සිට උඩරට දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙන බවද ඔහු කියයි.
කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත් පොඩි මැණිකේ දුම්රිය දෙකක් අද (18) සිටට  ධාවනයට එක්විය.
නිරෝධායන උපදෙස් වලට අනුකූලව දුම්රිය ස්ථානවලින් දුම්රියවලට මගීන් නන්වා ගැනීමට අවශ්‍යය උපදෙස් ලබාදී තිබෙන බවද පළාත් දුම්රිය අධිකාරීවරයා  කීය.

Exit mobile version