කොවිඩ් කලා පොකුරක ලකුණු… තවත් සුප්‍රකට නළු නිළියන් 14 දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාවේ ප්‍රකටම කලා පවුලකින් පැවත එන කොවිඩ් ආසාදිත තරුණ නළුවා හා රූපවාහිනී නාලිකාවක  ටෙලි නට්‍යයකට සම්බන්ධව සිටි ලංකාවේ ජනප්‍රියම නළු නිලියන් 14 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය අංශ තහවුරු කරයි.
මේ පිරිස පසුගිය 20 සහ 21 දිනවල දී මාලඹේ ප්‍රදේශයේ ද රූගත කිරීම් පවත්වා ඇත. පී.සී.ආර් පරීක්ෂණය කර තිබිය දී රූගත කිරීම්වලට පැමිණි ප්‍රකට නළු තරුණයාට මුලින්ම කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
එක දිගට වෙහෙස වී කාල රාමුවක් තුළ වැඩ කිරීම, නිදි වැරීම, සෞඛ්‍ය පිළිවෙත් නිසි ලෙස පවත්වා නොගැනීම, පැවති සංස්කෘතික හැසිරීම වෙනස් නොවීම වැනි කාරණා හේතුවෙන් මෙම ක්ෂේත්‍රයේ කලාකරුවන් අතර සීඝ්‍රයෙන් කොවිඩ් පැතිර යෑමේ අවදානමක් පවතින බව පසුගිය දා ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරියෙක් ලංකාසරට පැවසීය.

Exit mobile version