කොවිඩ් එන්නත් නොගත් මිනිස්සු පාරෙ යද්දි හරවා යවන්න මාර්ගෝපදේශ නිකුත් කර නෑ… රටේ නීති දෙකක් තියන්න බෑ… 

 නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි...

කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් පුද්ගලයින් පාරේ ගමන් කරද්දී ඔවුන්ව නැවත හරවා යැවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මාර්ගෝපදේශයන් නිකුත් කර නොමැති බව  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

එකම කරුණක් වෙනුවෙන් එකම රටක නීති දෙකක් ක්‍රියාත්මක කිරිමේ හැකියාවක් නොමැති බව කියන විශේෂඥවරයා එවැනි ක්‍රියාවන් සිදුකරන පුද්ගලයෙක් හෝ ආයතනයන් ඇත්නම් ඒ පිළිබඳව වහා සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දෙන්නැයි ඉල්ලා සිටී.

 කෙසේ නමුත් තවත් නීතියක් ක්‍රියාත්මක කිරීමට කිසියම් කොට්ඨාසයකට අවසර ලබා දී තිබේද යන්න පිලිබඳව තමා නොදන්නා බව කී ඔහු එසේ ලබාදී ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යංශයට කළ හැකි දෙයක් නොමැති බව ද කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ එන්නත ලබානොගත් පුද්ගලයින් කිසියම් ආයතනයකට ඇතුළු වන්නේ නම් ඔහු හෝ ඇය පිලිබඳ තීන්දු තීරණයන් ගැනීම සදහා පසුබිමෙන් විශාල වැඩ කොටසක් කිරීමට තිබෙනවා…  ක්‍රියාත්මක විය යුත්තේ ඉන් පසුවයි…“  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

Exit mobile version