කොවිඩ් ආසාදිත යැයි සැක කළ රැඳවියා රෝහලේ 8 වන මහලෙන් පැන සිය දිවි නසාගෙන

කොරෝනා ආසාදිතයැයි සැක කර පී.සී.ආර්. පරික්ෂණය කළ මිගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් එහි ප්‍රතිඵල එන්නට පෙර අද (14) අලුයම තුනට පමණ මීගමුව රෝහලේ හත්වන මහලෙන් බිමට පැන සිය දිවි හානි කරගෙන තිබේ.

37 හැවිරිදි මෙම රැඳවියා මීගමුව කදිරානේ පදිංචිකරුවෙක් වන අතර මත්ද්‍රව්‍ය චෝදනා මත පසුගිය පෙබරවාරි මස 15 වැනිදා පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත වී තිබේ.

බන්ධනාගාරයේ සිටියදී සෙම රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු පසුගිය 12 වැනිදා රෝහල්ගත කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෙම තත්වය උත්සන්න වීමත් සමග ඔහුව ඊයේ (13) පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇත. අනතුරුව අද පාන්දර තුනට පමණ රෝහලේ අටවන තට්ටුවෙන් බිමට පැන විය ගොස් තිබේ.

Exit mobile version