කොවිඩ් අවදානම අඩු පැතිවල පාසල් අරින්න… පළාත් වෛද්‍යවරු ඉල්ලති….

නතාෂා නෙත්මිණි –

කොවිඩ් වෛරසය පැතිර නොයන ප්‍රදේශයන්හී පාසල්වල පළමු වසරේ සිට දහතුන්වන වසර දක්වා පංති වාහාම ආරම්භ කරන්නැයි එම පළාත්වල වෛද්‍යවරුන් දිගින් දිගටම ඉල්ලා සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් කටයුතු අංශය සඳහන් කරයි.

ඈත ගම්බද ප්‍රදේශවල දරුවන් මේ වන විට දෙමාපිය වැඩිහිටියන් සමග විවිධ රැකියාවන් හී නියැලෙන බැවින් ඔවුන්ව නැවත අධ්‍යාපනයට එක්කර ගැනීමේ බරපතල ගැටලුවක් මතුවිය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇතැයි පාසැල් අංශයේ ප්‍රජාවෛද්‍ය විශේෂ, වෛද්‍ය අයේෂා ලොකුබාලසූරිය  සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දරුවන් මුදල් අතගෑම හේතුවෙන් අධ්‍යාපනයට දක්වන කැමැත්ත ඉබේම අඩුවන බැවින් මෙය ඔවුන්ගේ අධ්‍යාපනය ඇනහිටීමට හේතුවක් විය හැකියැයිද සදහන් කරන ඇය පාසල්වල සියලුම පංති විවෘත කිරීමෙන් අනතුරුව පාසැල් ඒමට අකමැත්තක් දක්වන දරුවන් පිළිබදව විශේෂයෙන් සොයා බැලීමක් කළ යුතුයැයිද  පෙන්වා දෙන්නීය.


Exit mobile version