කෙසෙල්වත්තේ දිනුකගේ දේහය අදම භූමදානයට නියෝගයක්

ඩුබායිහි දී මියගොස් පසුගියදා ශ්‍රී ලංකාවට ගෙනා පුද්ගල දේහය, මත්කුඩු ජාවාරම්කරුවකු සහ පාතාල නායකයෙකු වූ ආර්.ඒ. දිනූක හෙවත් කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ බවට ඩීඑන්ඒ සහ ඇඟිලි සලකුණු පරීක්ෂාවෙන් අද තහවුරු වී තිබේ.

ඔහුගේ මවගේ ඩීඑන්ඒ සාම්පල හා සැසඳීමේදී සැසඳීමේ දී මේ බව තහවුරු වී ඇත.

DNA සාම්පල පිළිබඳ වාර්තාව ලැබීමෙන් අනතුරුව ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ද පවත්වා තිබේ.


එහිදී විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම මෙම මළ සිරුර අද දිනය තුළ මීගමුව මඤ්ඤොක්කාහේන සුසාන භූමිය තුළදී මිහිදන් කළ යුතු බවට නියෝග කර ඇත.

Exit mobile version