කුලී රථ නියාමනය බස්නාහිරින් පටන් ගනී!… මීටර අනිවාර්ය වෙයි…

කූලී ත්‍රීරෝද රථ සඳහා ගාස්තු මීටර සවීකිරීමේ වැඩපිළිවෙළ ලබන මස පලමුවැනිදා සිට ක්‍රියාත්මක කරන බව මිනුම් එකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂක, එස් එන් අකුරන්තිලක මාධ්‍යයට  ප්‍රකාශ කළේ අනුමැතිය ලබාගත් වෙළඳ ආයතනවලට පමණක් කුළි රථවලට ගාස්තු මීටර විකීණිමටත්, සවි කිරීමටත් අවසර ලබාදී ඇති බවත් එසේ අනුමැතිය ලබා නුදුන් ආයතනවලින් එම මීටර මිලදී ගැනීම හෝ අලෙවි කිරීම නොකරන ලෙසත්  මිනුම් එකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා දන්වා සිටියි.

නිෂ්පාදනය කිරීම හෝ විකිණීමට පෙර වෙළද කටයුතු සඳහා භාවිතයට සුදුසු බව පරීක්ෂා කරන ලද මාදිලි සඳහා අනුමැතිය ද මිනුම් එකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු වේ.


අනුමත කුලී රථ මනු සඳහා හඳුනා ගැනීමේ ස්ටිකරයක් ඇලවීමට ද අපේක්ෂා කරන බව අධ්‍යක්ෂක එස් එන් අකුරන්තිලක පැවසුවේය..

මෙම වැඩපිළිවෙලෙහි මූලික අදියර බස්නාහිර පළාතෙන් ආරම්භ කිරීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ජංගම කුළී රථ මනු සේවා මධ්‍යස්ථාන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පෙරවරු 09 .30 සිට පස්වරු 04 දක්වා විවෘතව තැබීමටයි තීරණය කර  ඇත.

 

 

Exit mobile version