කුරුණෑගල නගරයේ බුවනෙකබා රජ සමයේ පුරා විද්‍යාත්මක ස්ථානයක් විනාශ කිරීමේ සිදුවීමෙන් මාසයකට පසු ඊට වගකිව යුතු කුරුණෑගල නගරාධිපතිවරයා, නාගරික කොමසාරිස්වරයා ඇතුළු පස් දෙනකු අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කොට ඇත.
13 වැනි සියවසට අයත් දෙවන බුවනෙකා රජුගේ කාලයේදී ඉදි කරන ලද බව පැවසෙන මෙම පුරා විද්‍යාත්මක ස්ථානය කුරුණෑගල නගරාධිපතිවරයාගේ මෙහෙයවීම මත කඩා බිඳ දැමෙන්නේ නිති විරෝධී ආකාරයෙනි. මේ සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේනතුව ජූලි මස 06 වැනිදා පොලිසිය වෙත පැමිණිලි කළද ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා නොකළ අතර පසුව අග්‍රාමාත්‍යවරයා මෙම විනාශය සම්බන්ධව සොයා බැලීම සඳහා පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරිණි. එම කමිටුව මඟින් නිර්දේශ කිහිපයක්ම ඉදිරිපත් කළ අතර එයින් එකක් වූයේ අදාළ විනාශය සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නිතිමය පියවර ගැනීමය.
නාගරික සංවර්ධන අධිකාරියද මෙම සිදුවෘමට සම්බන්ධ වන අතර එම ආයතනයේ නිලදාඑරීන්ද අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලැබීමට නියමිත නිලධාරීන් අතර සිටී.
පුරා විද්‍යා අද්‍යක්ෂ ජනරාල්වරයා මේ වනවිට දෙවරක් පොලිසියට පැමිණිලි කොට ඇති අතර දෙවන පැමිණිල්ල සිදුවීමෙන් සති දෙකකට පමණ පසුව සිු කර ඇත. කෙසේ වුවද මෙම පැමිණිලි දෙක සම්බන්ධෂයෙන් නිසි පියවර නොත් බවට පොලිසියටද චෝදනා එල්ල විය.