කිළිනොච්චියේ හමුදා ඇඳුම් සහිත ඇට සැකිල්ල හමුව තැන සමූහ මිනී වළක් ද?.. කැණීම් ඇරඹෙයි!

දිනසේන රතුගමගේ –

කිළිනොච්චිය විලාවෝටෙයි ප්‍රදේශයේ කුඹුරකින් යුද හමුදා නිල ඇදුම් , හමුදා නිලධාරීන් භාවිත කරණ මෙවලම් සමග මිනිස් ඇටසැකිළි කොටස් හමු වූ ස්ථානයේ කැණීම් කටයුතු සිදු කෙට එම ස්ථානය සමූහ මිනී වළක්ද නැද්ද යන්න තහවුරු කරණ ලෙස කිළිනොච්චිය මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා 5 දා පොලීසියට නියෝග කළේය.

කුඹුරු හිමියා කුඹුරට ජලය ලැබෙන පැරණි වේල්ලක් ඉවත් කිරීමට යාමේදී යුද හමුදා ඇදුම් කොටස් හමු වීමෙන් පසුව ඔහු ඒ පිළිබදව පොලීසියට දැණුම් දී තිබේ.

පොලිස් නිලධාරීන් පැමිණ කළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ යුද සමයේදී මේ ස්ථානයේදී එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විසින් ඝාතනය කරණ ලද බවට සැකකළ හැකි යුද හමුදා භටයින්ගේ මළ සිරුරු මේ ස්ථානයේ මිහිදන් කරන්නට ඇති බවයි.

පොලීසිය විසින් අධිකරණයට තොරතුරු වාර්තා කිරීමෙන් පසුව කිළිනොච්චිය මහේස්ත්‍රාත්වරයා අදාල ස්ථානයට පැමිණ පොලොවෙන් උඩට මතු වී තිබූ යුද හමුදා නිල ඇදුම් හමුදා නිලධාරීන් භාවිත කරණ වතුර බෝතල් ඇතුලු මෙවලම්ද මිනිස් ඇටසැකිළි කොටස්ද පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කරණ ලෙස නියෝග කොට තිබේ.

කිළිනොච්චිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මෙම ඇට සැකිළි කොටස් මිනිස් ඇටසැකිළි බව තහවුරු කොට ඇති අතර ඔහු ඒ පිළිබදව පරීක්ෂා කොට වාර්තාවක්ද නිකුත් කොට තිබේ.

ඒ අනුව මේ ස්ථානයේ ඇත්තේ සමූහ මිනී වළක්ද නැද්ද යන්න තහවුරු කර ගැනිම සදහා අද( 6) සිට දිගටම කැණීම් කටයුතු ආරම්භ කරණ බව කිළිනොච්චිය පොලීසිය සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හමුවූ හමුදා නිල ඇඳුම් සහ උපකරණ

Exit mobile version