කිරුළු හටන ගැන ලෝක රූ රැජන තරග සංවිධාකයන් අප්‍රසාදය පළ කරලා…

ශ්‍රී ලංකා රූ රැජන තේරීමේ අවසන් තරගයේ දී අවසන් මොහොතේ සිදුවීම පිළිබඳව තමන් දැඩි අවධානය යොමු කළ බව ලෝක විවාහක රූ රැජන තරගාවලි සංවිධායකයන්     නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇතැයි  ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජන තරගාවලියේ සංවිධායකවරු පවසති.

නිවේදනය නිකුත් කරමින් ඔවුන් පවසන්නේ වර්තමානයේ විවාහක රූ රැජන කිරුළ හිමි කැරොලයින් ජූලිගේ හැසිරීම පිළිබඳව තම සංවිධානය දැඩි කනස්සල්ලට පත් වී ඇති බවය.

එසේම කැරොලයින් ජූලිගේ හැසිරීම ශ්‍රී ලංකා විවාහක රූ රැජන තේරීමේ තරගාවලියේ ආචාරධර්ම පද්ධතියට විරුද්ධ ක්‍රියාවක් බවද එම නිවේදනයේ සඳහන් වේ.


මේ සිදුවීම පිළිබඳව තම සංවිධානය යම් ඇගයීමක්, සොයා බැලීමක් සිදුකරන බවත් එයින පසුව කැරොලයින් ජූලි සම්බන්ධව නිසි පියවර ගැනීමට කටයුතු කරන බවත් පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවද ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජන තරගාවලිය අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ ඉදිරියේ දී කැරොලයින් ජූලි සිය ක්‍රියාව පිළිබඳ නිවේදනයක් නිකුත් කරන ලෙසටත්, ඒ පිලිබඳව සමාව ගන්නා ලෙසටත් දැනුම් දීමට කටයුතු කරන බවද එම නිවේදනය සඳහන් කරයි.

Exit mobile version