කැලෑපාලුවන් – ඉඩම් කොල්ලකරුවන් අල්ලන්න විශේෂ ඒකකයක්

ආරක්ෂක ලේකම් පැහැදිලි කරයි

නීතිවිරෝධී වන සම්පත් විනාශය සහ දැව කැපීමට පෙර එවැනි උත්සාහයන් හඳුනා ගැනීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා භාවිතා කරමින් අධීක්ෂණය කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි

මෙවැනි උත්සාහයන් වලක්වන ලෙස ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට දැනුම් දී ඇති බව ද ඔහු පැවසීය.

මෑතදී ඉඩම් කොල්ලකෑමේ සිදුවීම් වාර්තාවීම ගැන සඳහන් කළ ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේ ඉඩම් කොල්ලයට සම්බන්ධ පුද්ගලයින් හදුනාගැනීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බවයි.


නාරාහේන්පිට පිහිටි අභ්‍යන්තර ආරක්ෂක , ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ දී අද දින 25) ආරක්ෂක ලේකම්වරයා, අපේ සම්පත් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුතු බවත් වන සම්පත් අඩුවීමට තුඩු දෙන පරිසර විනාශය පිළිබඳව සුපරීක්ෂාකාරී වීමට සහ ඊට එරෙහිව කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන්/ දිසාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

දුෂ්කරතා මධ්‍යයේ වුවද මෙම බෝවන කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉටුකරන ලද වැදගත් කාර්යභාරය පැසසුමට ලක් කරමින් ඔහු කියා සිටියේ අවම වශයෙන් වෛරසය ව්‍යාප්ත වූ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් තම ප්‍රදේශවලට වෛරසය පැතිරීම සීමා කිරීමට විශාල උත්සාහයක් ගෙන ඇති බවයි.

“මේ අතරම , වෛරසය ආසාදිත ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය හුදකලා කළ පවුල් සඳහා පහසුකම් සපයන අතරම පැතිරීම පාලනය කිරීමට විශාල උත්සාහයක් ගෙන තිබෙනවා” යැයිද ඔහු තවදුරටත් පැවසීය.

වසංගත පැතිරීම වැළැක්වීම සඳහා කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්/ දිසාපතිවරුන් විසින් රාජ්‍ය බලධාරීන්ගෙන් සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් උපදෙස් ලබාගෙන කඩිනම් පියවර ගෙන ඇති බව මේජර් ජෙනරාල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

රජය විසින් මෙහෙයවන ලද යාන්ත්‍රණය මගින් ප්‍රජාවට පහසුකම් සැලසීම සඳහා අනපේක්ෂිත වියදම් දැරීමට සිදු වූ බව ඔහු සඳහන් කළේය.

ඔහු පැවසුවේ පිටස්තර පුද්ගලයින් සමඟ සම්බන්ධතා සඳහා ඉඩ නොදෙන බැවින් අදාළ ප්‍රාදේශිය රාජ්‍ය බලධාරීන් විසින් ස්වයං නිරෝධායනය වන පවුල්වලට ඔවුන්ගේ ආර්ථික පසුබිම නොසලකා පහසුකම් සලසා ඇති බවයි.

උදාහරණයක් ලෙස නාවික හමුදාවේ කඳවුරු තුළ මීට ඉහතදී ඇති වූ වෛරස් පොකුර සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීම පිළිබඳව සඳහන් කරමින් ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ, “බෝගම්බර බන්ධනාගාරයේ පැතිර ඇති වෛරසය නාවික හමුදාව මෙන් බාහිර ප්‍රජාවට නිරාවරණය නොවූ හෙයින් එය මේ වනවිට පාලනය කර තිබෙනවා” යනුවෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රැස්වීමේදී වැඩිදුර අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් / දිසාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ අනවශ්‍ය සංචරණයන් සීමා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට පුරවැසියන් දැනුවත් කරන ලෙසයි.

Exit mobile version