කැරොලයින් ලෝක කිරුළ බාර දෙයි…

Caroline Jurie

වත්මන් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි තම කිරුළ නැවත භාර දීමට තීරණය කර තිබේ.

ලෝකයම ඉවත බලද්දි පවා තමා වටිනාකම් වෙනුවෙන් තනිව හෝ නැගී සිටින බව පවසමින් සිය කිරුළ භාර දෙන අවස්ථාවේදී ඇය අවධාරණය කළාය. වැඩිදුරටත් ඇය මෙසේ ද කීවාය.

” වාද මතවාදවලට තුඩුදුන් පසුගියදා සිදුවූ සිදුවීම් ගැන මාගේ අවංක කණස්සල්ල පළකර සිටිනවා. කිසිවෙකු සමග මාගේ පුද්ගලික ආරෝවක් නැහැ. පුද්ගලික න්‍යාය පත්‍ර ද මා ලඟ නැහැ.


ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තරගයේ අවසාන වටයට තේරී පත්වූ සියලු දෙනා මා ඉතාමත් අගය කොට සලකනවා. ඔවුන්ට ඔවුන්ගේ උපරිමයෙන් තරගවැද ජයගැනීමට තරම් සාධාරණ හා සැමට සමාන වූ අවස්ථාවක් හිමිවන තරග පසුබිමක් වෙනුවෙන් මා පෙනී සිටියා.

මම කිසිම තරගකාරියකට පක්ෂපාතිව හෝ විරුද්ධව කටයුතු කළේ නැහැ. මා නිරන්තරයෙන් සිට ගත්තේ මා නිවැරදි යැයි විශ්වාස කරන දේ වෙනුවෙන්.

මා දිනාගත් කිරුළ නැවත භාරදීමට මට කාලය එළැඹි ඇති බව මා දන්නවා. කාන්තාවකට අවශ්‍ය වන්නේ එකම එක සාධාරණ අවස්ථාවක් මිස අන් කිසිවක් නොවේ.” කැරොලයින් ජුරි ප්‍රකාශ කර සිටියා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය ඒ පිළිබඳ කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version