කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් සිනමන්ග්‍රෑන්ඩ් බෝම්බකරුට තඹ වරප්‍රසාද ලද හැටි හෙළිවෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ඉබ්‍රාහිම් පවුලට අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවට නියමිත ක්‍රමවේදයෙන් පිටයමින් සෙසු තරගකරුවන්ට වඩා ඉහළ ප්‍රතිශතයකින් අසාමාන්‍ය ලෙස තඹ සැපයීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය කටයුතු කර ඇතැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසමේදී අද (23) හෙළිවිය.

මෙම අසාමාන්‍ය තඹ සැපයීම් 2017 සහ 2018 වසරවලදී සිදුව ඇති බවත් ඒ වනවිට කාර්මික සංවර්ධන මණ්ඩලය රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාගේ කර්මාන්ත සහ වානිජ කටයුතු අමාත්‍යංශ විෂය පථයට යටත්ව පැවති බවද එම කොමිසමේදී අනාවරණය විය.

එසේම 2019 වසරේදී මෙම ව්‍යාපාරික ආයතනයෙන් රුපියල් කෝටි හතර හමාරක මුදලක් ජාතික තවුහිත් ජමාත් සංවිධානයට වසරේදී ලබාදී ඇති බවද කොමිසමේදී අනාවරණය විය.


මෙම ව්‍යාපාරිකයා තඹ වයර් නිෂ්පාදනය කර ඉන්දියාවට අපනය නයකර ඇති අතර එම අපනයනය කිරීම් ආණ්ඩුව විසින් වරක් අත්හිටවූ අවස්ථාවේදී ඔහු රිෂාඩ් බදියුදීන් මහතාව මුණගැසී තිබෙන බවද කොමිසම හමුවේදී සදහන් විය.

කොමිසම හමුවේ මෙම තොරතුරු හෙළි කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතාය. කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු පෙන්වා දුන්නේ 2017 වසරේදී සියයට 17 ත් 18 ත් අතර වැඩි ප්‍රමාණයක් බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවට නිකුත්කර ඇති අතර 2018 වසරේ එම ප්‍රමාණය සියයට 30 ත් 35 ත් අතර වන බවත්ය. ඔවුන්ට සාපේක්ෂව සෙසු ව්‍යාපාරිකයන්ට තඹ නිකුත්කර ඇත්තේ සියයට 0.5 ක ප්‍රමාණයක් වන බවද ඔහු පෙන්වා දුන්නේය.මෙම බෝම්බකරුගේ ව්‍යාපාරය ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් අබිලි තඹ මිලදී ගැනීම් සදහා ලියාපදිංචි වී ඇත්තේද 2017 වසරේදීය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ කර්මාන්ත ශක්තිමත් කිරීමත් කර්මාන්ත නගා සිටුවීමත් අරමුණුකරගනිමින් ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් අබිලි ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ට නිකුත් කිරීමට ආරම්භකර ඇත්තේ 2014 වසරේ සිටය. එහිදී ව්‍යාපාරිකයන්ට යම් ක්‍රමවේදයකට අනුව එම අබිලි ද්‍රව්‍ය නිකුත්කර ඇත්තේ සීමාවකට යටත්ව බවද කොමිසමේදී අනාවරණය විය.

එහෙත් එම සීමා ඉක්මවමින් කොලෝෂස් නමින් ලියාපදිංචි කළ බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවට මේ ආකාරයෙන් තඹ නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුළුල් විමර්ශනයක් පවත්වමින් ඇතැයිද ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා පැවැසීය.

ඔහුගේ බිරිද සහ දරුවන් එම අවස්ථාවේදී මන්නාරමේ පිහිටි ඇගේ පියාගේ මහ ගෙදරට ගොස් ඇත. ඇගේ පියා රන්භාණ්ඩ ව්‍යාපාරිකයෙක් වන අලව්ඩීන් නැමැති අයෙක් බවත් ඔහු මුස්ලිම් දේශපාලන පක්ෂයක ලේකම්වරයෙක් ලෙස කටයුතු කර ඇති බවත් කොමිසමේදී සදහන් විය.

එම බෝම්බකරු මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ මද වේලාවක් ගතකර රාත්‍රී කාලයේ කොල්ලුපිටියේ පිහිටි අවන්හලකට ගොස් මද වේලාවක් එහි රැදී සිට දෙහිවල ගුවන් පාලම අසලට ගොස් තිබෙන බවත් එහිදී තවත් අයෙක් සමග කුළි රථයකින් පානදුර පරත්තන පාර් යම් ස්තානයකට ගමන්කර ඇති බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා පැවැසීය.

බෝම්බකරු පානදුරේ සිට ඊට පසුදින එනම් 20 වෙනිදා සවස 7.06 ට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට පැමිණ කාමරයක් වෙන්කර ගෙන එහි මද වේලාවක් රැදී සිට ඇති බවද අනාවරණය වී තිබේ. මෙම පුද්ගලයා අප්‍රේල් 17 වෙනිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෑගයක් කරෙහි දමාගෙන ගොස් ඇති බවද ආරක්ෂක කැමරා පද්ධති පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බවද රවීන්ද්‍ර විමලසිරි මහතා සදහන් කළේය.

නැවත 20 වෙනිදා හෝටලයට පැමිණි ඔහු රාත්‍රී 8.12 ට පමණ කුළී රථයක නැගී ගල්කිස්සේ පංසල පාර් පිහිටි ස්පෑන් ටවර්ස් නම් වූ නිවාස සංකීර්ණයකට ගොස් ඇත. නැවතත් ඔහු සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට පැමිණ ඇත්තේ උදෑසන 7.00 ට පමණය. හෝටලයේ තැබ්‍රොබන් ශාලාවේ දී ඔහු මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්නේ අනතුරුවය.

මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකිරීමට පෙර ඔහු සිය පවුලේ සාමාජිකයන්ටත්, බිරිදටත්, සේවකයින්ටත් පොදුවේ සැමටත් හඩ පට හතරක් නිකුත්කර තිබී ඇති අතර එම හඩ පට කොමිසම හමුවේ විකාශය කෙරිණි. බිරිදට නිකුත්කර තිබූ හඩ පටයේ සිය දේපොල සම්බන්දයෙන් සියළු තොරතුරු මෙන්ම ණය කරුවන් ගැනද තොරතුරු ඇතුලත්ය. එසේම ප්‍රහාරයට හේතු ද සදහන් හඩපටයක්ද එහි විය.

ඔහු සැම්බියාවේ සිටින බවට හැගවෙන ආකාරයේ වට්ස්ඇප් පණිවිඩද බිරිදට එවා ඇති අතර ඒ එක් පණිවිඩයකදී බිරිදට ඔහු පවසා ඇත්තේ ඇගේ ගමන් මල්ලෙහි ඇති හඩපට අසන ලෙසය. එහෙත් ඇය මන්නාරමේ නිවසට ගොස් ඥාතීන් සමග කාලය ගතකරමින් සිටි බැවින් එම හඩ පට අසන්නට හැකියාවක් ලැබී නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපරාධ පරීක්ෂණළු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයව අප්‍රේල් 25 වෙනිසදා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී එම හඩ පට ගැන කරුණු හෙළිකර ඇත්තේද ඉන්ෂාෆ්ගේ බිරිද විසින් බවද කොමිසමේදී අනාවරණය විය. ඉන්ෂාෆ්ගේ බිරිද ප්‍රශ්ණ කිරීම් හමුවේ සදහන්කර ඇත්තේ සිය සැමියාගේ සහෝදරයා වන ෂැංග්‍රිලා බෝම්බකරු වන ඉල්හාම් විසින් තම සැමියාව මේ තත්වයට පත්කර ඇති බවයි. ඉල්හාම්ව ඒ තැනට පත්කර ඇත්තේ ඇගේ බිරිද විසින් බවද ඇය සදහන් කර ඇතැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version