කළුකඩ කාරයන්ගෙන් හදිසි මිලදී ගැනීම් සපුරා  නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තීරණයක්!

ශ්‍රියානි විජේසිංහ –                                                  

අධික මිල ගණන් ඉදිරිපත් කරන සැපයුම්කරුවන්ගෙන් හදිසි මිලදී ගැනීම් මුළුමනින්ම නතර කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

ඇතැම් සැපයුම්කරුවන් හදිසි මිලදී ගැනීම්වලදී සියයට දෙසියයක මිලක් ඉදිරිපත් කරමින් ඖෂධ ලබා දීමට කටයුතු කිරීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට  විශාල මූල්‍ය අර්බුධයන්ට මුහුණ දීමට සිදුවන බව අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේය.

සාමාන්‍ය මිලදී ගැනීම් යටතේ දී සැපයුම්කරුවන් කලට වේලාවට ඖෂධ සැපයීම නොකිරීම හේතුවෙන් රෝහල්වල උග්‍ර ඖෂධ හිඟයන් මතුවෙන බැවින් මෙවන් අවස්ථාවන්වලදි රෝගීන්ගේ ජීවිත අනතුරකට පත්වීම වලක්වා ගැනීම සදහා හදිසි මිලදී ගැනීම් වලට යාමට සිදුවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙවන් විටක එක්  සැපයුම් කරුවෙක් පමණක් ඉදිරිපත් වන අවස්ථාවකදී ඔහු රුපියල් 100ක වටිනාකමින් යුතු ඖෂධයක් වෙනුවෙන් රුපියල් 200ක මුදලක් ලබා ගැනීමට කටයුතු කරන බවත් මෙය සියයට දෙසියයක අයුතු ලාභ ලැබීමක් යැයිද හෙතෙම පෙන්වාදේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි සැපයුම්කරුවන්ගෙන් කිසිවිටකත් ඖෂධ නොගැනීමට තීරණය කිරිම තුළ ඇතැම් දේශපාලන පක්ෂවල නියෝජිතයන් කලබලයට පත්ව ඇති බවද එම ප්‍රකාශකයා පැවසුවේය. 

 

Exit mobile version