කසිප්පු බලවත් වෙයි… වෙන්නප්පුවේ මත්ද්‍රව්‍ය වැටලූ විශේෂ විමර්ශන ඒකකය කුඩු…

මත්ද්‍රව්‍ය මැඩලීමේ රාජකාරි කළ ඒකකයේ සියලු නිලධාරීන් වහාම ක්‍රියාත්මකවන පරිදි හතර අතේ මාරු කරයි...

කසිප්පු කාරයින් 28 දෙනෙකුගේ ඉල්ලීම පිට  රාජ්‍ය ඇමැතිවරයක් විසින් මාරුකර යැවූ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ගේ අධීක්ෂණය යටතේ ජාවරම් මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් ඒකකයද වහා ක‍්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර එම ඒකකයේ නිලධාරීන්ද මාරු කර යවා ඇතැයි වාර්තා වේ.

එම විශේෂ පොලිස් ඒකකයේ රාජකාරි කළ පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනකු  මෙසේ  වහාම ක‍්‍රියාත්මක වන පරිදි සාලියවැව, වව්නියාව, මුලතිව්, මාදම්පේ පොලිස් ස්ථානවලට මාරුකර යවා තිබේ.

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා  ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක වූ මෙම විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් වෙන්නප්පුව මාදම්පේ ඇතුළු ප‍්‍රදේශ ගණනාවක කාලයක් තිස්සේ නීති විරෝධීව කරගෙන ගිය මත්පැන්, හෙරොයින්, ගංජා ජාවාරම් මර්දනය කර වැලි සහ මැටි කැපීමේ ජාවාරම්ද පාලනය කිරීමට කටයුතු කර තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ජාවාරම්කරුවන් සියලු දෙනාම දේශපාලනිකව ඉහත කී රාජ්‍ය ඇමතිවරයාගේ රැකවරණය ලැබූවන් බව කියැවේ.

Exit mobile version