කරුණා ගැන පොලීසියට පැමිණිල්ලක්

හිටපු නියෝජ්‍ය ඇමැති කරුණා අම්මාන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි පොලිස් මූලස්ථානය වෙත අද(22) පැමිණිලි කරන බව දක්‍ෂිණ ලංකා ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමා එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ කටයුතු කරන සමයේදි අලිමංකඩදී හමුදාවේ 2000 ක් 3000 ක් ඝාතනය කිරීමට කටයුතු කළ බවට කරුණා අම්මාන් කළ ප‍්‍රකාශය ඉතා බරපතළ රටේ නීතිය උල්ලංඝණය කරමින් සිදුකළ ප‍්‍රකාශයක් බවත්, මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාද මැදිහත්ව කටයුතු කළයුතු බවත් උන්වහන්සේ අවධාරණය කර සිටිති.

Exit mobile version