කබ්රාල් පාලනය පසුගිය සතියට කෝටි 4784 ක් අච්චු ගහලා

rajith keerthi thennakoon

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට පත්වීමෙන් පසුව රු. මිලියන 47,840 ක් හෙවත් කෝටි 4784 ක් අච්චු ගසා ඇතැයි හිටු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියාසිටියේ රජය විසින් ඊයේ (24) රුපියල් මිලියන 1890 ක් අච්චු ගසා ඇති බවය. පසුගිය සැප්. 16 දින ද රජය රු. මිලියන 45950 ක් අච්චු ගැසු බව ඒ මහතා පැවැසීය.

“අච්චු ගැසූ මුදල් ප්‍රමාණය ගැන දළ අදහසක් ලබා ගැනීමට මේ මුදල් කණ්දරාව කොපමණ දැයි සරළව පැහැදිලි කළ හැකිය. 2019 ලංකාවට පොහොර ආනයනය සඳහා වැය වූයේ ඩොලර් මිලියන 220 කි. අච්චු ගැසූ මුදල රටට බත, එළවළු, පළතුරු, මල්, කුළුබඩු ඇතුළු සකලවිධ වගාවන් සඳහා අවශ්‍ය පොහොර ආනයනයට වැය වන මුදලට වඩා වැඩිය. මත්තල ගුවන්තොටුපල සෑදීමට වැය වූයේ ඩොලර් මිලියන 252 කි. අච්චු ගැසූ මුදලින් තවත් ගුවන්තොටුපලක් හදන්නට හැකිය.


කබ්රාල් අධිපති ධූරයට පත් වන විට මහබැංකුවේ රජයේ සුරැකුම්පත් වන මුහුණ අගය රු. බිලියන 1284.37 ක් විය. අද වන විට එය රු. බිලියන 1332.21 කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය සතිය තුල අච්චු ගසා ඇති මුදල රු. මිලියන 47,840 ක් හෙවත් කෝටි 4784 ක්” බව ද හෙතෙම වැඩිදුරටත් කියාසිටී.

Exit mobile version