කඳු නැගීම සඳහා අනවසරයෙන් නුවරඑළියේ රක්ෂිතවලට ඇතුළුවීම සපුරා තහනම්….

හැටන් රංජිත් රාජපක්ෂ –

නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ  පිහිටි වනජිවී සහ වන සංරක්ෂණ රක්ෂිත වලට මින් ඉදිරියට ඇතුළුවීම හෝ එම රක්ෂිතවල පිහිටි කඳු තරණය කිරීම සහ එම කඳුවල කදවුරු බැඳීම (04) දින සිට සපුරා තහනම් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ   මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසිය.

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු   මුදුණේ අභිරහස් ලෙස මියගොස් සිටි තවමත්  හඳුනා නොගත් කාන්තා මළ සිරුරක් හමුවිමෙන් පසු වනජිවි නිලධාරින් , වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් සහ පොලිස් නිලධාරින් සමග (04) දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව සියළු පාර්ශවයන්ගේ එකඟතාවයන් මත මෙම තිරණය ගත් බව  දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.

මෙහිදි මාධ්‍යට අදහස් දැක් වු නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ   කියා සිටියේ

පසුගිය සතියේ ආන්දෝලනයට තුඩුදුන් නුවරඑළිය ලිඳුල ග්‍රේට් වෙස්ටර්න් ප්‍රදේශයේ  කඳු මුදුනේ හමු වූ නාඳුනන කාන්තා මළ සිරුරක් සමග උද්ගත වූ ගැටලුවත් සමග මින් ඉදිරියට නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි ඕනෑම කන්දක් දැකීමට හෝ සංචාරය කිරීමට අවශ්‍ය නම් එම කඳු අයත් රජයේ ආයතනවලින් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව එම අනුමැතිය ළඟම ඇති පොලිසිය වෙත ඉදිරිපත් කර පොලිසියේද අවසරය ලබා ගත යුතු බවය.


ගමන අවසානයේ ද නැවතත් දුරකථන මාර්ගයෙන් පොලිසියට සිය සංචාරය අවසන් කළ බවට දැනුම් දීම සිදු කළ යුතු බවටත් තීරණය වී තිබේ.

මෙම උපදෙස් අනුගමනය නොකරමින් සංචාරය කරන පුද්ගලයන් අදාල රක්ෂිත හෝ කඳු භාර රාජ්‍ය ආයතයවලින් අත්අඩංගුවට ගෙන දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු  සකස් කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ක්‍රමවේදය ආරම්භක අවස්ථාවේදී සාමාන්‍ය පරිදි ක්‍රියාවට නන්වන බවත් , ඉදිරියේදි දුරකථන යෙදුමක් භාවිතා කරමින් අවශ්‍ය අවසරයක් ලබා ගැනීමට කටයුතු සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීවේය.

Exit mobile version