කණ්ඩායම් සංගීතය වෙනස් කළ “සන් ෆ්ලවර්ස් “ නායක නීල් වර්ණකුලසූරියට කොවිඩ්… රෝහල්ගත කරයි…

අසාධ්‍යව හිටියා.. දැන් තත්වය යහපත්... රෝහල් ආරංචි මාර්ග කියයි...

Nil-Warnakulasooriya

තරීෂා අබේවික්‍රම – 

කණ්ඩායම් සංගීතයේ පෙරළියක් ඇති කළ තවත් ජනාදරයට පත් වූ සංගීත ශිල්පයෙක් වූ “සන් ෆ්ලවර්ස්“ නායක නීල් වර්ණකුලසූරියට කොවිඩ් ආසාදිතව ඇතැයි වාර්තා වේ.

මේ වනවිට ඔහු රාගම පුද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඇතුළත් වී සිටී.

දින කිහිපයක් හුස්ම ගැනීමේ අපහසුතාවක් පැවති නමුත් මේ වනවිට තරමක යහපත් තත්ත්වයක් පවතින බවට ද රෝහල් ආරංචි මාර්ග පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර කරමින් ඔක්සිජන් ලබාදීමට ද සිදු ව ඇති නමුත් මේ වනවිට ඔක්සිජන් ලබාදීම නතර කොට සාමාන්‍ය පරිදි හුස්ම ගැනීම හා ආහාර ගැනීම සිදු කරයි.

 

Exit mobile version