කඩුගන්නාවේ නගරසභා සභාපති රටින් පැන්න එල්.ටී.ටී.ඊ කාඩරයින්ගේ බිරින්දෑවන් රට පටවන මිනිස් ජාවාරමක…

Amila-Weragoda

කඩුගන්නාව නගරසභාවේ සභාපති අමිල වේරගොඩ නගරාධිපතිවරයෙක් ලෙස පෙනී සිටිමින් තමන්ට හිමිකමක් නැති ප්‍රභූ ගමන් බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කරගෙන කූඨ ලේඛන සකසා රටින් පැන සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ බිරින්දෑවරු 09ක් ජපානයට, ස්පඤ්ඤයට හා ඉන්දියාවට රැගෙන ගොස් සිදුකළ මිනිස් ජාවාරමක් පිළිබඳ ජනාධිපති විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

එමෙන්ම මේ වනවිට එම සිද්ධිය සම්බන්ධව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ ගේ උපදෙස් මත මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් විශේෂ අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

කඩුගන්නාව නගරසභා සභාපතිවරයා නියමිත රාජකාරි නිවාඩු අනුමත කරනොගෙන මේ විදේශ ගමන්වාර යොදා ගෙන ඇත්තේ කඩුගන්නාව නගර සභාව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත සූර්ය විදුලි ව්‍යාපෘතියක් පිළිබඳ අධ්‍යයනකට බව දන්වා සිටිමින් බව පැවසේ.


ව්‍යාජ ලෙස සකස් කළ OL7445158 දරන රාජ්‍ය තාන්ත්‍රික ගමන් බපත්‍රය යොදාගෙන මේ තැනැත්තා වර්ෂ 2019 ජනවාරි සිට පෙබරවාරි මුල් භාගයේ ජපානයේ ගත කර ඇති බවත්, මේ ගමනේ දී නාගරික ලේකම්වරිය, භාෂා පරිවර්තක හා තාක්ෂණ නිලධාරී ලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් කාන්තාවන් ජපානයට රැගෙන ගොස් ඇති බවත්, මේ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් මෙම පුද්ගලයා ලබාගෙන ඇති බවත් මේ සම්බන්ධව ඉදිරපත් වී ඇති පැමිණිල්ලේ දැක්වේ.

එමෙන්ම 2020.02.18 දින සිට 2020.02.24 දක්වා කාලය තුළ මේ තැනැත්තා ස්වකීය ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය භාවිතා කරමින් ස්පාඤ්ඤයේ සංචාරය කර ඇති බවත්, එහිදී ද නගර සභා ලේකම්වරිය ලෙසත්, තාක්ෂණ නිලධාරී හා භාෂා පරිවර්තක ලෙසත් කාන්තාවන් තිදෙනෙක් කූඨ ලිපි ලේඛන සකස් කර රැගෙන ගොස් ඇති බවත් ඔවුන් එක් අයෙකුගෙන් මේ ගමන සඳහා රුපියල් ලක්ෂ 30 බැගින් ලබාගෙන ඇති බවත් පැමිණිලිකාර පාර්ශවය කියයි.

පැමිණිලි කරුවන් දන්වා සිටින්නේ ඔහු මේ ආකාරයෙන් ජපානයට ගමන් වාර දෙකක් ද, ස්පාඤ්ඤයට ගමන් වාරයක් හා ඉන්දියාවට ගමන් වාරයක් ගොස් ඇති බවය.

මේ කටයුතු සඳහා කඩුගන්නාව නගර සභාව නමින් ව්‍යාජ ලිපි ශිර්ෂයක් සකස් කර කඩුගන්නාව නගර සභාවේ දුරකථන අංකය ලෙස 0815705238 දරන දුරකථන අංකය යොදාගෙන ඇතැයි පැවසේ. නගරසභා ලේකම්වරිය ලෙස පෙනී සිටිමින් ඊට එන ඇමතුම් ලබාගන්නේ මේ තැනැත්තාගේ බිරිය බවත් පැමිණිලි කරුවෝ දන්වති.

ව්‍යාජ තොරතුරු ලබා දෙමින් මේ තැනැත්තා විසින් විදේශ ගතකළ කාන්තාවන් 09 දෙනාම තවම ලංකාවට පැමිණ නැතැයි ඔවුහු පෙන්වා දෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාගරික මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ වනවිට නගර සභාවේ ලේකම්වරියගෙන් තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව මේ පිළිබඳව තොරතුරු ඉල්ලා ඇති බවත් දැනගන්නට ඇත.

Exit mobile version