ඔස්ට්‍රේලියානුවෝ අවසන් එක්දින තරගය ජය ගනිති… තරගාවලි ජය අපට…

පස්වන සහ අවසන් එක්දින තරගය  ඊයේ (24)  ඔස්ට්‍රේලියානුවෝ කඩුළු 04ක ජයග්‍රහණයක් අත් කරගත්හ. ඒ පන්දු ඕවර 10යි  පන්දු 03ක් ඉතිරිව තිබිය දී ය.

දුර්ග වකවානුවක ශ්‍රී ලංකාවේ සංචාරය කළා මතු නොව,  ඩොලර් මිලියන 53ක ආධාර මුදලක් ප්‍රදානය කළ ඔස්ට්‍රේලියානුවන්ට කෘත ගුණ සැලකීම වෙනුවෙන් අද ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට ක්‍රීඩා ලෝලීන් බහුතරයක් පැමිණියේ කහපැහැති ඇඳුම් රැගෙන ඔස්ට්‍රේලියාන්ට ස්තුති කරන පුවරුද  සහිතවය.  ශ්‍රී ලාංකිකයන්ගේ මේ කෘතිවේදීත්වය ගැන ඔස්ට්‍රෙලියානු නායක ආරොන් ෆින්ච්  අතිශය හැඟීම් බරව අද උදේ කතා කළේය.

තරගයේ කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. එහෙත් එහි කිසිම වාසියක් අත් කැගනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ නැත.  පන්දු ඕවර 43.1 දී ශ්‍රී ලංකා කණ්ඩායමම දැවී ගියේය. ඒ ලකුණු 160ටය. අඛන්ඩ හුදකලා සටනක් කළේ චාමික කරුණාරත්න පමණි. ඔහු පන්දු 75ක දීල ලකුණු 75 අත් කර නොගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 100 සීමාවට පැමිණෙන්නට වෙන්නේ නැත. කුසල් මෙන්ඩිස් පමණක් ලකුණු 26ක් ලැබුවේය.

පන්දු යැවිමේ දී ජොෂ් හසල්වුඩ් කඩුලු 02ක්, ග්ලෙන් මැක්ස්වෙල් කඩුල්ලක්, මැතිව් කුහ්නෙමන් කඩුල්ලක්,  පැට් කුමින්ස් කඩුලු 02ක්, කැමරන් ග්‍රීන් කඩුල්ලක් ලබා ගත්හ.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 161ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානුවෝ  පන්දු ඕවර 39.3ක දී එම ඉල්ලකය අත් කරගත්හ. ඔවුන්ගේ කඩුලු 6ක් දැවිනි.  එක් අවස්ථාවක ලකුණු 50ට කඩුළු 04ක් දැවී ගොස් තිබිණි.  එහෙත්  ඔස්ට්‍රේලියානු මැද පෙළ පිතිකරුවෝ  තරගය පහසුවෙන් හැසිරවූහ.  මිචෙල් මාර්ෂ් ලකුනු 24ක්,  මාර්නස් ලබුචාන් ලකුණු 31, ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 16ක්,  ඇලෙක් කෙරී නොදැවී ලකුණු 45ක්,  කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 25ක් ලබාගෙන තරගය  පන්දු ඕවර 39.3 තුළ දී නිමා කළහ.

පන්දු යැවීමේ දී   මහීෂ් තීක්ෂණ කඩුළු 02ක්, දුනිත් වෙල්ලලාගේ කඩුළු 03ක්,  ප්‍රමෝද් මධුශාන් කඩුල්ලක්  ලබා ගත්හ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමි විය. චාමික කරුණාරත්න තරගයේ වීරයා විය.

Exit mobile version