ඔමික්‍රොන් ගැන සොයන්න හෙට සිට රට පුරා විශේෂ පර්යේෂණයක්!

Omicron

උත්සව සමයේ අධික ජන රාශීවීම් සමග රට පුරා ඔමික්‍රොන් ව්‍යාප්තිය පිළිබඳ හඳුනා ගැනීමට විශේෂ පර්යේෂණයක් හෙට සිට  ආරම්භවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලය පවසයි.

එහි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ අධ්‍යක් ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සාම්පල 96ක්  රැස්කගෙන ඇති බවය.

එමෙන්ම කොවිඩ් වෛරස ප්‍රභේදයේ වෙනස් වීම් සිදුවී ඇතිදැයි සෙවීමත් මෙම පර්යේෂණයේ අරමුණක් බව  ආචාර්ය ජීවන්දර පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කොවිඩ් ඔමික්‍රොන් පැතිරීම හේතුවෙන්  ඉන්දියාවේ නවදිල්ලි නුවර  ඊයේ සිට රාත්‍රී 11 සිට පසුදා අලුයම 05 දක්වා  ඇඳිරිනීතිය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version