එජාප නායකත්ව වෙනස අද සිදු නොවේ

රුවන් නියෝජ්‍ය නායකයා වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පත් කොටගෙන ඇත.

එම රැස්වීමේදී නියෝජ්‍ය නායක ධුරයට රවී කරුනානායක මහතා සහ රුවන් විජේවර්ධන මහතා යන දෙදෙනාම ඉදිරිපත් වීම හේතුවෙන් රහස් ඡන්දයක් පවත්වා ඇති අතර එම ඡන්දයෙන් තේරී පත් වූයේ රුවන් විජේවර්ධන මහතාය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ නියෝජ්‍ය නායකා පත් කළ යුතු බවට වූ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාය.


මෙය ඡන්දයකට නොයා සාමකාමීව විසඳා ගැනීම වඩාත් යෝග්‍ය බවට එක්සත් ජාතික පක්ෂප නායක රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළද රවී කරුණානායක මහතා තමන්ද නියෝජ්‍ය නායකකමට තරග වදින බවට සෘජුවම ප්‍රකාශ කළ බැවින් මෙසේ රහස් ඡන්දයකට යාමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව පැවැති රහස් ඡන්දයෙන් රවී කරුණානායක මහතා ඡන්ද 10ක්ද රුවන් විජේවර්ධන මහතා ඡන්ද 28ක්ද ලබා ගනිමින්. නියෝජ්‍ය නායකකමට පත්විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද බොහෝ දෙනකු පක්ෂයට නව නායකයකු පත් කරනු අති බවට බලාපොරොත්තු තබාගෙන සිටින නමුත් ලබන ජනවාරි මාසය වන තෙක් වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ රැඳී සිටින බව වජිර අබේවර්ධන මහතා ප්‍රකාහ කළේය. මේ අතර තමන්ට පක්ෂ නායක්තවයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව වජිර අබේවර්ධන මහතාද ප්‍රකාශ කළේය.

Exit mobile version