එක නැවක්වත් ෂෙඩුල් කරලා නෑ… මට පෙනෙන්නෙ හිස් මුහුද විතරයි… නව ලිට්‍රෝ සභාපති කියයි…

තවත් දින 14ක් ගෑස් නැතිවෙන බව සභාපති පැහැදිලි කරයි... ඊට මෙපිටින් කෙසේ හෝ තත්ත්වය සමනය කරගැනීමේ උත්සාහයක්....

පැමිණීමට නියමිත ගෑස් නැවෙන් පසු එකම ගෑස් නැවක් හෝ දින වකවානුව අනුව සැලසුම් කර නැති බවත් වගකීම් විරහිත කළමනාකරණය සහිත මේ අර්බුදයේ දී තමන්ට මේ වනවිට පෙනෙන්නේ හිස් මුහුද පමණක් බවත් නව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් අද මාධ්‍යයට පැවසුවේය.

ඔහු කීවේ මේ උග්‍ර ගැටලුවට පිළියම් ලෙස නිසි පරිදි ගෑස් නෞකා ගෙන්වා ගැනීමේ මූලික කටයුතු සම්පාදනයට දෙසතියක් ගතවනු ඇති බවය.

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසුවේය.

“මේ තියන තත්වය අනුව ෂිප්මන්ට් එකක් කියන්නෙ ඉතා සුළු ප්‍රමාණයක්.  ඒ  ප්‍රමාණයෙන්  මේ තියන විශාල අර්බුදය විසඳන්න බැරිවෙන බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. “


“තව විශේෂ කාරණාවක් වෙන්නෙ  මේ නැව ආවට පස්සේ එකම නැවක්වත් ෂෙඩුල් කරලා නෑ. වගකීම් විරහිත භාවයකින් කටයුතු කළ බවක් මට පෙනෙන්නෙ. ගොඩබානකොට සල්ලි දෙන්නම් කියලා නැව්වලට නියමිත දින වකවානු හරි කතා කරගන්න තිබුණා.  එහෙම දෙයක් වත් නෑ.   මට පෙනෙන්නෙ හිස්  මහ මුහුද විතරයි.“

“මම හිතුවා යුතුකමක් වගකීමක් කියලා ඇත්ත තත්ත්වය හෙළි දරවු කරන එක.  සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා දින 14ක කාලයක් යයි කියලා මේ සාකච්ඡාව පවත්වලා කොන්දේසි සම්පූර්ණ කරපු සැපයුම් කරුවගෙ නැව් මෙහෙට ගේන්න. “

“ඒ දින 14ක කාලය තුළ ඒක ගේනකම් ගෑස් නැව් කීපයක් දින කීපයක් තුළ ගෙන්වන්න පුලුවන්ද කියලා අපි බලනවා. ඒකෙ  අමාරු කම දැනගෙනමයි මේක බාර ගත්තෙ.  ගෑස් අර්බුදය විසඳන්න පුලුවන් නායකත්වය ලිට්‍රෝ ගෑස් සමාගමට දෙන්න මට පුලුවන් කියන විශ්වාසය මට තියනවා. “ ඔහු කීවේය.

මේ අතර  දින 06ක් මුහුදේ තිබූ ගෑස් නැවට මුදල් ගෙවා අද ගොඩබෑමට පටන් ගෙන ඇති බවත්  දින 11කට පසු වාණිජ කටයුතු සඳහා පමණක් ගෑස් බෙදා හැරිම අද සිදුකරන බවත් ලිට්‍රෝ සමාගම අද සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ගෑස් තොග ප්‍රධාන වශයෙන් ආදාහනාගාර, ව්‍යාපාරික ස්ථාන සහ රෝහල් සඳහා ලබා දිමට නියමිතව තිබේ.

Exit mobile version