මන්ත්‍රීවරු 02ක් සභා ගර්භයේ නෑ…. දෙන්නෙක් රොහලේ සිට එයි… තුන්දෙනෙක් විදෙස් ගතව සිට පැමිණෙයි!

ඡන්ද 04ක් ප්‍රතික්ෂේපිතයි... සජබ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ඡන්ද නීති කඩ කරයි?

මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා දිගාමඩුල් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ සහ දෙමළ ජාතික මහජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්    පාර්ලිමේන්තු  ගර්භයට පැමිණ නැත. දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර  කුමාර් පොන්නම්බලම් ඡන්දය ප්‍රකාශ කළේ නැත. 

ඡන්ද 04ක් ප්‍රතික්ෂේප විය.

එමෙන්ම මේ  ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 03 දෙනෙක්   විදේශගතව සිට විශේෂයෙන් පැමිණියහ.  අරුන්දික ප්‍රනාන්දු, කණක හේරත් සහ ප්‍රේමලාල් ජයසේකර එසේ පැමිණි මන්ත්‍රීවරුන්ය.

එමෙන්ම බරපතලව රෝගාතුරව රෝහලගතව සිටින අතර  සේලයින් බෝතලය ද එල්ලාගෙන සභා ගර්භයට පැමිණි පොදුජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී  සමන්ප්‍රිය හේරත් සිය ඡන්දය ප්‍රකාශ කර නැවත රෝහලට පිටත වුනේය.


ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් ද සිටියේ  අසනීප තත්තවයෙනි. ඔහුටත් විශේෂ අවස්ථාවක් ලැබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ඡන්දයේ අප්‍රසන්නම සිදුවීම සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් විසින් සිදුකළේය.  මෙම ඡන්දය පැවැත්වෙන අවස්ථාවේ තිබිය යුතු විනය සහ නීති මාලාව පිළිබඳ පාර්ලිමේන්ත මහලේකම්වරයා දැඩිව අවධාරණය කර තිබිය දී ඔහි සිය ඡන්දය ලකුණු කළ බැලට් පත්‍රය සභාවට පෙන්වමින් එය ඡන්ද පෙට්ටියට දැම්මේය.

Exit mobile version