එක්ස්ප්‍රස් පර්ල් ඩොලර් කෝටි 25 පගාව ගැන සොයන්න  විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්!

x-press-perl

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය     විජේදාස රාජපක්ෂ විසින්  නම්, පසුගිය 25 දා ලිපිනයන් සහ ගිනුම් අංක සහිතව පාර්ලිමේන්තුවේ දී   හෙළිදරව්ව කළ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීමට සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලසක් ගත් බවට වූ සිද්ධිය  පිළිබඳව    සොයා බැලීම සඳහා   විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට රජයේ අවධානය යොමු වී ඇති  බව වාර්තා වේ.

සිද්ධියේ සුලමුල නිවැරදිව හෙළි කරගැනීම සඳහා එවැනි පාර්ලිමේන්තු විශේෂ තේරීම කාරක සභාවක් පත් කරන ලෙස අධිකරණ ඇමතිවරයාත්, නීතිඥ චන්දිම වීරක්කොඩි ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවකුත් කථානායකවරයාගෙන්   ඉල්ලා සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක්ස්ප්‍රස් පර්ල්  අල්ලස්  සිද්ධිය සම්බන්ධයෙන්  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්  සභාවට  පැමිණිලි යොමු කිරීමට  විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානම් වේ.

 

Exit mobile version