ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස මහාචාර්ය ජයන්ත ලාල් පත්කෙරේ

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පත්කෙරේ.

ඒ ඉදිරි වසර තුනක කාලය සඳහා ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙම පත්කිරීම කර ඇත.


ඌව වෙල්ලස්ස උපකුලපති ලෙස 2017 පෙබරවාරි සිට මේ දක්වාද ඔහු කටයුතු කළේය.

කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර සිය ද්වීතීයික අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි.

1982දී මොස්කව් නුවර පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයට ඇතුළු වූ හෙතෙම, රසායන විද්‍යාව පිළිබඳ මූලික උපාධිය ලබා ගත්තේ පංති සාමාර්ථයක් ද සහිතවයි.

අනතුරුව, 1993දී ලුමුම්බා විශ්ව විද්‍යාලයෙන්ම රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද ලබා ගෙන තිබේ.

ජාතික විද්‍යා පදනමේ විද්‍යාත්මක නිලධාරියෙකු හැටියට සිය වෘත්තීය දිවිය ඇරඹූ මහාචාර්ය රත්නසේකර, 1996දී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස රජරට විශ්ව විද්‍යාලයට බැඳී ඇත.

රජරට විශ්ව විද්‍යාලයේ භෞතීය විද්‍යා අධ්‍යයන අංශයේ පළමු අංශාධිපතිවරයා ලෙස වසර තුනක කාලයක් කටයුතු කළ හෙතෙම, වසර හයක කාලයක් රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

එමෙන්ම, ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වූ උසස් අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘති දෙකක නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු ලෙසත් (2005 නොවැම්බර් සිට 2011 ජූනි දක්වා), ලෝක බැංකු ආධාර යටතේ ම ක්‍රියාත්මක වූ පාසල් අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘතියක අධ්‍යක්‍ෂවරයා ලෙසත් (2011 ජූනි සිට 2015 දෙසැම්බර් දක්වා) කටයුතු කර ඇත.

මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, 2017 පෙබරවාරි මාසයේ සිට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුනර්ජනනීය බලශක්තීන්, පාරිසරික රසායන විද්‍යාව, විද්‍යා අධ්‍යාපනය, උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය යන ක්‍ෂේත්‍ර යටතේ පර්යේෂණ කටයුතුවල නිරත මහාචාර්ය රත්නසේකර, 2016 වසරේ ප්‍රකාශිත පර්යේෂණ පත්‍රිකා වෙනුවෙන් පිරිනමන ජනාධිපති සම්මානයක් ද, 2017 වසරේ ප්‍රකාශිත පර්යේෂණ පත්‍රිකා සඳහා වූ ජාතික විද්‍යා පදනමේ කුසලතා සම්මානයක් ද හිමිකරගෙන තිබේ.

Exit mobile version