“ඌරුමස් “ ඩී.අයි.ජී. අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිගෙන් නියෝග…

නිවාඩුවක් ගත කිරීම සඳහා සිය පවුලේ සාමාජිකයන් සමග නුවරඑළියෙ පොලිස් බංගලාවට ගොස් ඌරු මස් ප්‍රශ්නයක් මුල් කර ගනිමින් පොලිස් කොස්තාපල්වරයෙකුට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියනු ලබන ඉහළ ඉහළ පොලිස් නිලධාරියෙක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

වාර්තාවන පරිදි මීට වසර එක හමාරකට පෙර සිදුවූ මේ සිදුවීම මෙසේය.

සිය පවුලේ සාමාජිකයන් සමඟ  නුවරඑළියේ  නිවාඩුවක් ගත කිරීමට එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්ව සිටි මෙම නිලධාරියා නුවරඑළිය පොලිස් නිවාඩු නිකේතනයට ගොස් තිබේ.


නුවරඑළි පැමිණි ගමනේ දී  නිලධාරියාවල් ඌරු මස් කෑමට දොළදුක් ඇතිව තිබේ. ඒ බව මුළුතැන්ගේ  භාර පොලිස් කොස්තාපල් වරයාට පවසා ඇත. එහෙත් නුවරඑළියේ වල්ඌරු මස් නැති බව එම කොස්තාපල්වරයා විසින් නිලධාරියාට දැනුම් දී  ඔහුගෙන්  මුදල් ලබාගෙන ගම් ගම් ඌරු මස් කිලෝවක්   මිලදී ගෙන එය වෑංජනයක් ලෙස සකස් කර දී ඇත.

එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්ව සිටි මෙම නිලධාරියාවෙනුවෙන් සැකසුණු එම ඌරු මස් වෑංජනයේ මස් අඩු බවත් අඩු මස් මස් ප්‍රමාණය කොස්තාපල්වරයා විසින් ආහාරයට ගෙන ඇති බවත් සඳහන් කරමින් සංචාරක නිවස්නයේ  මුළුතැන්ගේ භාරව සිටි කොස්තාපල්වරයාට පහර දී තිබේ.

දැඩි සේ පහර කෑමට ලක් වූ    පොලිස් කොස්තාපල්වරයා නුවරඑළිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ද ලබා තිබේ. අනතුරුව මේ ගැන නුවරඑළිය පොලිසියට  මෙම කොස්තාපල්වරයා විසින් පැමිණිල්ලක්ද කර තිබුණි.

ඒ අනුව එකල පොලිස්පති වරයාව සිටි පූජිත් ජයසුන්දර   එම පහරදීම සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දෙන ලදී. එකල පොලිස් විශේෂ විමර්ශන  ඒකකයේ ප්‍රධානියාව සිටි නියෝජ්‍ය පොලිස්පති මෙවන් සිල්වා   අදාළ පොලිස් නිලධාරියාට චෝදනා පත්‍රයක් ද නිර්දේශ කර තිබුනි. අමතරව විමර්ශන ගොනුව නීතිපතිවරයාට යොමු කර තිබේ.

ජේෂ්ඨ පොලිස් අධිකාරි ධූරයේ සිටි එම නිලධාරියා මේ වනවිට නියෝජ්‍ය පොලිස්පති වරයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අනුව මෙම නිලධාරියාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති උපදෙස් ලැබී ඇත්තේ දින කිහිපයකට පෙරය.

Exit mobile version